22.6 C
London
Thursday, June 19, 2025
spot_img

යුරෝ කලාපයේ ඉන්නවාද? නැද්ද? – බ්‍රිතාන්‍යයේ ජනමත විචාරණයක්

යුරෝපා සංගමයත් සමග පවතින ගැටලූ හේතුවෙන් බ්‍රිතාන්‍ය තවදුරටත් මෙහි සාමාජිකයෙකු වශයෙන් සිටිනවාද යන්න තීරණය කිරීම සදහා බ්‍රිතාන්‍යය අගමැති වරයා 2017දී ඡන්දයක් පැවැත්වීමට තීරණය කොට ඇත. හිටපු යුරෝපියානු අමාත්‍ය වරයෙකු වන ඩෙනිස් මැක් ශේන් පවසා සිටිනුයේ මෙහිදි කාව තෝරාගන්නද කාව අතහරින්නද යන ප‍්‍රශ්ණයද පවතින බවත්ය.

ප‍්‍රංශ ජනාධිපති ෆ‍්‍රරන්ස්වා හෝලන්ඞ් බි‍්‍රතාන්‍යයේ මෙම වෛරී කි‍්‍රයා මාර්ග දෝෂදර්ෂණයට ලක් කරමින් මතක් කර සිටියේ ප‍්‍රංශය, ජර්මනිය හා අනෙකුත් රටවල් යුරෝපියානු ආර්ථික සමාජය සාදන ලද්දේ බ්‍රිතාන්‍යය 1973 ජනවාරී වල සම්පූර්ණයෙන්ම එකග වෙන්න අවුරුදු ගණනාවකට පෙර බවය.

පසුගිය බ‍්‍රහස්පතින්දා පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී හෝලන්ඞ් පවසා සිටියේ යුරෝපය බ්‍රිතාන්‍ය එකතු වීමට පෙර සිට පැවති බවය. දැන් යුරෝපියනු කොමිසම පොර පිටියක්ව ඇති බව මැක් ශේන් අවධාරණය කර සිටියේය.

කොමිසම අභ්‍යන්තරයේ ගැටලූ විසදාගත නොහැකිව එකිනෙක රටවල් දෝෂාරෝපනය කර ගනිමින් සිටින බව ඔහු වැඩි දුරටත් පවසා සිටියේය.

යුරෝපියානු සංගමයේ කිසිම සාමාජිකයෙකු මේ වන තෙක් සංගමයෙන් ඉවත්වී නොමැති බව හෝලන්ඞ් මතක් කර සිටියේය.

නමුත් බි‍්‍රතාන්‍ය 1973 දී අත්සන් කොට නැවතත් 1975දී තම සාමාජිකත්වය කොමිසමේ තියා ගන්නවාද නැද්ද යන්න පිලිබදව ජනමත විචාරණයක් පවත්වා ඇත. නැවතත් එවැනිම තත්වයක් ඇති වී ඇති බව හෝලන්ඞ් පවසා සිටී.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles