14.9 C
London
Friday, April 25, 2025
spot_img

යුවරාජ් නැවතත් ක්‍රිකට් පිටියට එයි

ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක සුවරාජ් සිං මාරාන්තික පිළිකා රෝගයෙන් සුවය ලබා වසරකට ආසන්න කාලයකට පසු නැවතත් ක්‍රිකට් පිටියට පැමිණෙමින් ඊයේ (11) චෙන්නායිහිදී නවසීලන්තයට එරෙහිව පැවැති විස්සයි-20 තරගයේදී දස්කම් දැක්වීමට සමත් විය.
යුවරාජ් සිං විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා අද (12) ශ්‍රී ලංකාවට පැමිණියේය.
මෙම තරගයෙන් නවසීලන්තය ලකුණු 1 ක තියුණු ජයක් ලබමින් තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-0 ලෙස ජය ලැබීය.
එහිදී සුවරාජ් පන්දු 26 කදී හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 34 ක් රැස් කිරීමට සමත් විය. යුවරාජ් යැවූ ඕවර දෙකට නවසීලන්ත පිතිකරුවන්ට රැස්කළ හැකිවූයේ ලකුණු 14 ක් පමණි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles