19.1 C
London
Thursday, June 19, 2025
spot_img

යෝධ මිනිස් පාදයක් මැසචුසෙට්ස් කැළෑවකින් මතුවේ

මිනිස් පාදයකට සමාන එහෙත් ඊට වඩා විශාල අරුම පුදුම අසාමාන්‍ය ආකාරයේ පාදයක් ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ කැළෑවකින් හමුවී තිබේ.

කුණුවී ගද ගසමින් තිබූ මේ පාදය හමුවී ඇත්තේ කුඩා දරුවන් දෙදෙනෙකුටය. ඔවුන් කළ දැනුම්වත් කිරීමකට අනුව පාදය තමන් භාරයට ගැනීමට මැසචුසෙට්ස් ප්‍රාන්ත පොලිසිය කටයුතු කර ඇත. පාදය වෛද්‍ය පරීක්ෂණ සදහා යොමුකර තිඛෙන අතර දැනට එය මනුෂ්‍යයෙකුට අයත් වන්නක් නොවන බවත් එසේ වුවත් මිනිස් පාදයක ලෙසටම ඇගිලි පිහිටා ඇති බවත් අනාවරණය වී තිබේ.

මේ පාදය ‘බිග් ෆුට්‘ හෙවත් ‘යෝධ මිනිසාට‘ අයත් යැයි ඇතැම්හු කියති. මනංකල්පිත සත්ත්වක් යැයි සිතා බොහෝ දෙනෙකු විසින් මේ අදහස බැහැර කළද තමන් අතිවිශාල ප්‍රමාණයේ ලොමින් වැසී ගත් සත්ත්වයෙකු දැක ඇති බව සහතික කර කියන පුද්ගලයින් ද ඇමරිකාවේ නොඅඩුව සිටිති. අනාවැකි පළ කිරීමට කල් වැඩි බවත් පරීක්ෂණ කටයුතු අවසාන වන තුරු සිටිය යුතු බවත් මැසචුසෙට්ස් ප්‍රාන්ත පොලිස් ප්‍රධානියා පවසයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles