Wednesday , 20 January 2021

රංගනයට පිවිසියේ කාගේවත් හිතවත්කම් මත නෙමෙයි – භාග්‍යා

සතියේ දින පහේම ස්වාධීන රූපවාහිනියේ රාත්‍රී 7.30 ට විකාශනය වන ඉදුවරී ටෙලිනාට්‍යයේ දගකාර කටකාර සුන්දර තරුණිය ‘සුංගි’ හෙවත් භාග්‍යා සති අන්ත පුවත්පතකට ඇගේ ජීවිතයේ තොරතුරු බිදක් පවසා ඇත.

මේ ඉන් බිදකි.

මහරගම ප්‍රදේශයේ ජීවත් වන භාග්‍යා හෙට්ටි ආරච්චි මේ වන විටත් ලංකාවේ ජනප්‍රිය නිළියක් වී හමාරයි. කාගේවත් හැදුනුම්කමක් මත කාගේවත් හිතවත්කම් මත කලා ක්ෂේත්‍රයට නොපැමිණි භාග්‍යා 2008 වසරේ සිට මේ ගමන එන්නේ එතරම්ම සෙමිනි.

තම පියාගේ අකමැත්ත මත ඇය රංගනයට පිවිසියත් දැන් ඇයට තම පියාගෙත් මවගේත් සහෝදරයාගේත් සහයෝගය නිතරන්තරයෙන්ම ලැබෙන බව ඇය පවසයි.

රංගනයෙන් ජනප්‍රිය ‍වීමට පෙනුම මෙන්ම හැකියාවත් අනිවාර්යයෙන්ම අවශ්‍ය බව භාග්‍යාගේ අදහසයි. වෘත්තියට අදාළ දේ පමණක් කිරීමේ තම ප්‍රතිපත්තිය නිසා තමාට හැකියාව දක්ෂකම තිබිලත් අවස්ථාවන් නොලැබී යන බව ඇය පවසයි.

කලා ක්ෂේත්‍රයේ නියැලෙන අයෙක් ලෙස තමාට කට කතාවක් හැදුණත් එයට මුහුණ දීමට තමා කැමැති බව භාග්‍යා හෙට්ටිආරච්චි පවසන්නේ කටකතා වලට තමා කැමති බවත් පවසමිනි.

-Induwari Teledrama Theme Song – on ITN-

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...