ජ්‍යෙෂ්ඨ, සම්මානලාභී රංගන ශිල්පිණී සීතා කුමාරිහාමි ඇහැලේපොළ මහත්මිය ඊයේ (06) රාත‍්‍රියේ කළුබෝවිල රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ. 1940 මැයි 08වන දින උපන් ඇය මිය යනවිට 73වන වියේ පසුවිය. 1968 වසරේ ‘ආදරයයි කරුණාවයි’ චිත‍්‍රපටයෙන් ප‍්‍රථමයෙන් සිනමාවට දායක වී තිබූ ඇය, ඉන් අනතුරුව ‘අක්කරපහ’, ‘දෑස නිසා’ ‘ළසඳා’, ‘වත්සලා අක්කා’, ‘මහගෙදර’, ‘දුවට මවක මිස’ , ‘සිංහාවලෝකනය’ ඇතුළු චිත‍්‍රපට රැසකට සිය රංගණ ප‍්‍රථිභාව ලබාදෙන ලදී.
එමෙන්ම සීතා කුමාරි නම් වූ ඇය ‘වෙස්මුහුණ’, ‘වැනියන් කළු වැනීයන්’, ‘වෙස්සන්තර’ ආදී වේදිකා නාට්‍ය වළටද රංගනයෙන් දායකවී ඇත.
ඇය 1986 ජනාධිපති සම්මානයද ‘වත්සලා අක්කා’ 1998 ‘තරණය’ චිත‍්‍රපටය වෙනුවෙන් කරණ ලද රංගනය උදෙසා විචාරක සම්මානයද 2005 ජනාධිපති සිනමා සම්මානයද 2008 සරසවි සම්මාන උළෙල කුසලතා සම්මානයද 2000 වසර සුමති ටෙලි සම්මානය හොඳම ටෙලි නාට්‍ය සහාය නිළිය ලෙසින්ද සම්මාන රැසකටම පාත‍්‍ර විය.
සීතා කුමාරි මෑත කාලීනව සුදත් රෝහණගේ ‘ගිරිකුළ’ ටෙලි නාට්‍යයේ රංගන කටයුතු වළට දායක වී තිබිණ. එමෙන්ම ඇය මියයන්නට සතියකට පමණ පෙරත් සුදත් රෝහණගේ ‘ගිරිකුළ’ ටෙලි නාට්‍යයේ හඬකැවීම් වලට සහභාගි විය.
ඇයගේ අවසන් කටයුතු සියළු සහෘදයන්ගේ සහභාගීත්වයෙන් පානදුර පිහිටි ඇයගේ පුතණුවන්ගේ නිවසේ පවත්වන්නට කටයුතු සූදානම් කරමින් පවතින බවත්, අවසන් කටයුතු පිළිබඳව පසුව දැණුම් දෙනු ලබන බවත් ඥාතිහු පවසති.
source:srilankamirror.lk