අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රටේ නීතිය උපරිමයෙන් ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු පිළිබඳ අධිකරණය තුළ මෙවැනි සැකයක් මතුවීම පිළිබඳ රජයක් වශයෙන් කනගාටු වන බව ගන්නොරුව කෘෂි සංකීර්ණ භූමියේ පැවති ජාතික ගොවි සතිය ප්‍රදර්ශනයට සහභාගී වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
අතීතයේදී ද විනිසුරුවරුන්ගේ නිවෙස්වලට ගල් ගැසූ යුගයක් තිබූ බව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
මේ අතර පසුගිය 20 වැනිදා ආරම්භ වූ ජාතික ගොවි සතිය කෘෂිකර්ම ප්‍රදර්ශනය ලබන 25 වැනිදා තෙක් ගන්නොරුව කෘෂි සංකීර්ණ භූමියේ දී පැවැත්වෙයි.