19.2 C
London
Monday, May 19, 2025
spot_img

‘රජීව් ගාන්ධි’ මගේ සැමියා, වසර 21කට පසු ඉන්දීය කතක් හෙළි කරයි

ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙකු වන රජීව් ගාන්ධි මහතාගේ මරණයෙන් වසර 21කට පසු හයිද්‍රාබාද්හි කාන්තාවක් රජීව් ගාන්ධි අගමැතිවරයා තම සැමියා බව පැවැසීමෙන් මුළුමහත් ඉන්දියාවේ මෙන්ම ගාන්ධි පවුල තුළද මහත් ආන්දෝලනයක් හටගෙන ඇතැයි පැවැසේ.

සබීන් ෆර්ඩුස් නමැති මේ කාන්තාව සතුව අගමැති රජීව් ගාන්ධි යනුවෙන් නිකුත් කළ මරණ සහතිකයක්ද තිබී ඇති බව හෙළි වී ඇත්තේ කංචිපුරම් දිස්ති‍්‍රක්කයේ ආදායම් පාලක නිලධාරියකු කළ ප‍්‍රකාශයකින් පසුවය.

‘ටයිමිස් ඔෆ් ඉන්දියා’ පුවත්පතට එම ආදායම් පාලක නිලධාරියා පවසා ඇත්තේ මරණ සහතිකය ඉන්දියාව තුළ රහසිගත දෙයක් නොවුවත් තම සැමියා රජීව් ගාන්ධි බව කී ඇය සතුව හිටපු අගමැතිවරයාගේ මරණ සහතිකයද තිබූ බවයි.

හයිද්‍රාබාද්හි වඩා ෂහීබ් පාර, තමන්ගේ ලිපිනය වශයෙන් හඳුන්වා ඇති එම කාන්තාවගේ වයස අවුරුදු 50 ක් බව සඳහන් වන අතර එම කාන්තාවට මරණ සහතිකය නිකුත් කළා යැයි පවසන ලිපිකරුවා පරීක්‍ෂණයකින් පසුව වෙනත් අංශයකට මාරුකර යවා තිබේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles