රටපුරා කිරි තේ නවතී

දිවයිනපුරා පිහිටි රජයේ ආයතනවල ආපනශාලා හා හෝටල්වල අලෙවි කරන කිරි තේ තාවකාලිකව නතර කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කරයි. දැනට ඇතැම් කිරිපිටි වර්ග සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලට අනුව ඩී.සී.ඩී. තිබෙන බව කාර්මික තාක්ෂණික ආයතනය හෙලි කිරීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යංශය තාවකාලිකව කිරිපිටි වර්ග කීපයක් තහනම් කර ඇති බැවින් මෙම තීරණය ගත් බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්bbපත් මහතා සඳහන් කළේය.

මේ වන විට ආපනශාලා හා හෝටල් 15000 ක් පමණ දිවයින පුරා තිබෙන බැවින් ඒවායින් දිනකට පුද්ගලයන් ලක්ෂ 40ක් පමණ සේවා ලබා ගන්නා බව හෙතෙම පෙන්වා දේ. සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කිරිපිටි සම්බන්ධයෙන් පැහැදිලි විස්තරයක් ලබා දෙන තුරු හෝටල් හා ආපනශාවල කිරි තේ අලෙවිය තාවකාලික අත්හිටුවේ.

ශ්‍රියානි විජේසිංහ
Lakbima.lk

Check Also

හොල්සිම් සංස්‌ථා සන්නාමය (SLIM නීල්සන්) ජනතා සම්මානයෙන් පිදුම් ලබයි.

-ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සැලකෙන හොල්සිම් ලංකා සමාගම 9 වැනි SLIM නීල්සන් ජනතා ...

සෙලාන් බැංකුව බදු ගෙවීමෙන් පසු ලාභයක්‌ වාර්තා කරයි.

2014 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 3,079 ක බදු ගෙවීමෙන් පසු ...