ඔහු නමින් අනුරුද්ධ කුරේ මේ වනවිට එංගලන්තයේ ජීවත් වන ඔහු ලන්ඩන් 2012 ඔලිම්පික් උළෙලෙහි මැරතන් තරඟයෙහි ශ්‍රී ලංකා නියෝජනයයි. ඔහු මෙම තරඟය සඳහා සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකාව තුල පැවැත්වූ තේරීම් තරඟයකින් හෝ අඩු තරමේ ශ්‍රී ලංකික අපගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ නොවීම එහි විශේෂත්වයයි.
ඔහු සතියකට සැතපුම් 90ට වඩා දුවයි. එංගලන්තයේ සීතල දේශගුණය මැද, ඔහුගේ රැකියාව කරන අතරතුර තනිව පුහුණුවීම් යෙදෙමින් ඔහු ආ මේ ගමනෙහි මල් එල ලැබුවේ පසුගිය අප්‍රියෙල් මාසයේ පැවති ලන්ඩන් මැරතන් තරඟය නිමා කරමින් ඔලිම්පික් පරිසාධන මට්ටමට ළඟාවීමෙන් පසුවයි. විදේශීය රටක් නියෝජනය කලත් ඔහුගේ රැකියා ස්ථානයෙන් අනුරුද්ධට මාසයක වැටුප් සහිත නිවාඩු අනුමත කර දීමට තරම් Greggs ආයතනය කාරුණික වී තිබුණා. මාස 18ක නිවුන් දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන අනුරුද්ධට Ceylon Radio අපි ජයෙන් ජය පතමු.