‘රත්රන් උකසට ගෙන කෝටි 63,300ක් ණය ලෙස ලබා දී තිබෙනවා’

රට තුළ පවතින වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන විසින් ගත වූ මැයි මාසය දක්වා රත්රන් උකසට ගෙන රුපියල් කෝටි 63,300ක් ණය ලෙස ලබාදී ඇතැයි විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) ප්‍රකාශ කළේය.

එම කාලය තුළ වාණිජ බැංකු විසින් රුපියල් කෝටි 59,000ක් රන් ණය ලෙස ලබාදී ඇතැයි පෙන්වාදුන් ඇමැතිවරයා එය මුළු ණය ප්‍රමාණයෙන් සියයට 20ක් බවද කීවේය.

මූල්‍ය සමාගම් විසින් රන් ණය ලෙස කෝටි 3200ක් ලබාදී ඇතැයි ද උකස් ආයතන විසින් රුපියල් කෝටි 1100ක් ලබාදී ඇති බවද සියඹලාපිටිය මහතා කීය. රේගු ආඥා පනත යටතේ නියෝග ඉදිරිපත් කිරීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මෙසේ කීවේය.

Check Also

හොල්සිම් සංස්‌ථා සන්නාමය (SLIM නීල්සන්) ජනතා සම්මානයෙන් පිදුම් ලබයි.

-ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සැලකෙන හොල්සිම් ලංකා සමාගම 9 වැනි SLIM නීල්සන් ජනතා ...

සෙලාන් බැංකුව බදු ගෙවීමෙන් පසු ලාභයක්‌ වාර්තා කරයි.

2014 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 3,079 ක බදු ගෙවීමෙන් පසු ...