අසල ඇති කර්මාන්ත ශාලාවකින් පානීය ජලයට විස රසායන ද්‍රව්‍යයක් මිශ්රවීමේ සිද්ධිය මුල්කරගෙන විරෝධය පළ කරමින්, වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ ගම් 10ක ජනතාව දින කීපයක් තිස්සේ ගෙන ගිය උද්ඝෝෂණය ඊයේ (1දා* උත්සන්න වූ අවස්ථාවේ උද්ඝෝෂකයන් පලවා හැරීමට ආරක්ෂක අංශ පියවර ගැනීමේදී ඇති වූ ගැටුමින් එක් පුද්ගලයකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.තුවාල කරුවන් 17 දෙනකු ගම්පහ රෝහලටත් තවත් තිදෙනකු වතුපිටිවල රෝහලටත් ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනකුට බරපතළ බව රෝහල් අධ්යක්ෂවරයා කියයි.වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයකු ඊයේ රාත්‍රි කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.
ඊයේ (1දා* උදෑසන වැලිවේරිය නගරයේ මෙම උද්ඝෝෂණය පැවිතිණි. පස්වරුවේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂකයන් රැුස්ව සිටියදී ඔවුන්ට විසිර යන ලෙස පොලිසිය දැනුම් දුන්නත් එය නොතකා උද්ඝෝෂණයේ යෙදීම නිසා පොලිසිය ඔවුන් පලවා හැරීම පිණිස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ. පොලිසියේ කැරැුලි මර්දන හමුදාවට හා යුද හමුදාවට උද්ඝෝෂකයන් ගල් මුල් ප්‍රහාර එල්ල කරද්දී මේ පිරිස් තුවාල ලබා ඇත.
ඊයේ පස්වරුවේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය මේ තත්ත්වය නිසා සම්පූර්ණයෙන්ම ඇනහිට තිබිණි. පොලිසිය උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට පියවර ගැනීමේදී බැලූම්මහර මිරිස්වත්ත ප්‍රදේශය යුද පිටියක තත්ත්වයට පත්ව තිබිණි. මෙම සිදුවීමේදී වැලිවේරිය පොලිස් ස්ථානාධිපතිවරයා සහ පොලිස් නිලධාරීන් කිහිප දෙනකුද තුවාල ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කෙළේය.
උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතාද එම ප්‍රදේශයේ රජයේ ඉහළ නිලධාරීන්ද කැඳවා විශේෂ සාකච්ඡුාවක් පවත්වා ඇති අතර ප්‍රදේශයේ ජනතාව පාවිච්චි කරන ජලයේ සාම්පල ලබාගෙන ඒවායේ පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තුරු කම්හල තාවකාලිකව වසා දැමීමට තීරණය කොට තිබේ.
එම ප්‍රතිඵල පිළිබඳ තීරණය දැනුම් දෙනතුරු උද්ඝෝෂණ අත්හිටුවන ලෙසට පොලිසියත් හමුදාවත් උද්ඝෝෂකයන්ගෙන් කළ ඉල්ලීමට අවනත නොවීම නිසා කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ලකර ඇති අතර මේ අවස්ථාවේදී ආරක්ෂක අංශ හා උද්ඝෝෂකයන් අතර ගල් මුල් ප්‍රහාරයක්ද එල්ල වී තිබේ