19.4 C
London
Thursday, June 19, 2025
spot_img

‘රතුමිරිස්’ ජාත්‍යන්තර ඇගයීමට

ජාත්‍යන්තර සමූපකාර වසර වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් පවත්වන ලද ජගත් කෙටි චිත‍්‍රපට උළෙලේ අවසන් වටයට තේරුණු ජයග‍්‍රාහී චිත‍්‍රපට හත අතරට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් කළ “රතුමිරිස්” කෙටි චිත‍්‍රපටය තේරී ඇත.

ලෝකය පුරා නිර්මාණකරුවන්ගෙන් නිර්මාණ කැඳවා තිබූ මෙම උළෙලේදී අවසන් වටයට තේරුණු රතුමිරිස් චිත‍්‍රපටය 2012 නොවැම්බර් මස විසිවැනි දින එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ප‍්‍රදර්ශනය කිරීමට නියමිත අතර ජයග‍්‍රාහී චිත‍්‍රපට ඇගයීමට ද නියමිතයග මෙහි චරිත නිරූපණය සංජීව උපේන්ද්‍රල සචිත‍්‍ර‍්‍රා මාධවී සහ දයා විජේසේකර ගෙනි.

සණස සංවර්ධන බැංකුවේ මූල්‍ය අනුග‍්‍රහයෙන් නිර්මාණය කරන ලද මෙම චිත‍්‍රපටය රෝහණ වර්ණකුලසූරියගේ නිර්මාණයකිග රෝහණගේ “උණුහිම” සහ ROAAD TO CITY යන කෙටි චිත‍්‍රපට ද මෙයට පෙර සම්මානයට හා අවධානයට පත්වූ නිර්මාණ වේ.

චිත‍්‍රපටය නරඹන්න මෙතැනින්

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles