14.9 C
London
Friday, April 25, 2025
spot_img

රතු වැස්සසේ අභීරහසට පිටසක්වල සම්බන්ධද?

පොළොන්නරුවේ ස්ථාන කිහිපයකට ඊයේ (15) පෙරවරුවේ රතු වැස්සක් වැටී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මනම්පිටිය, සීලපුර ප්‍රදේශයටත් දිඹුලාගල ඇල්ලේවැව සහ හිඟුරක්ගොඩ ප්‍රදේශවලටත් මෙසේ රතු වැසි වැටී ඇතැයි එම ප්‍රදේශවාසීහු සවසති.

දිඹුලාගල මනම්පිටිය ප්‍රදේශ‍යට උදෑසන රතු වර්ෂාව වැටී ඇත්තේ පෙ.ව 7.00 සිට 8.00 දක්වා කාලයේය.

සෙවනගල – ඉදිකොලපැලැස්ස ප‍්‍රදේශයටද ඊයේ මෙවැනි වැස්සක් ඇද හැලිණ බවට අපි වාර්තා කරන ලදි.

වර්ෂාවත් සමග රතු පැහැති ද්‍රාවණයක් පොළවට වැටුණු බව කියන මෙම සිද්ධින් සම්බන්ධයෙන් වෛද්‍ය පර්යේෂණායතනය විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

එම ප‍්‍රදේශවලට ඇදහැලූනු වර්ෂා ජලයේ පර්යේෂණ නියැදි වෛද්‍ය පර්යේෂණායතනය වෙත යොමු කරන ලෙස අදාල දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරිවරුන් වෙත මේ වනවිට දැනුම් දී ඇති බව කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් සමරනායක සඳහන් කලේය.

මෙවැනි වැස්සක් මෙරටින් වර්තා වූ පළමු අවස්ථාව මෙය බවත් ලෝකයේ යම් යම් ස්ථානවළින් මෙවැනි වර්ෂාවන් වාර්තා වී තිබෙන බවත් ඔහු පැවසීය.

මෙය මල් රේණු හෝ ජලජ ශාක හෝ කර්මාන්ත ශාලාවල ඩයි විශේෂයක් දූලි සමග මුසු වී ඉහළ අහසට ගමන් කිරීමෙන් ඇතිවූ තත්ත්වයක් නිසා සිදු වූවක්ද යන්න පිළිබදව සොයා බලන බවත් පරීක්ෂණයෙන් අනතුරුව එය නිශ්චිතව කිවහැකි බවත් ඒ මහතා සදහන් කළේය.

දිගින් දිගටම රතු පැහැති ද්‍රාවණයක් සහිත වැසි ඇද හැලීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කල විමසීමකදී එහි අධ්‍යක්‍ෂ එස්. ආර්. ජයසේකර මහතා සඳහන් කර සිටියේ, සංවහනයත් සමග ඇල්ගී විශේෂයක් වායුගෝලයට මුසුවීමෙන් මෙවැනි තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද සිදුකරන බව අධ්‍යක්‍ෂවරයා පැවසිය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles