රන් පදක්කමේ ගෞරවය විමල් ඇමති තුමාටයි – රන් දිනූ උපමාලිකා කියයි

රට වෙනුවෙන් තමා ලබාගන්නා ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා ජනසෙවණ නිවාස වැඩසටහන විශාල ශක්තියක් වූ බව මීටර් 400 ඉසව්වේ ජාත්‍යන්තර රන් පදක්කම්ලාභී මළල ක්‍රීඩිකා උපමාලිකා රත්නකුමාරි මෙනවිය පවසයි. ඇය මේ බව ප්‍රකාශ කළේ පසුගියදා තායිලන්තයේ පැවති විවෘත මළල ක්‍රීඩා තරඟාවලියේදී මීටර් 400 තරඟ ඉසව්වෙන් රන් පදක්කම ජයග්‍රහණය කර දිවයිනට පැමිණීමෙන් අනතුරුවයි.

තායිලන්තයේ පැවති විවෘත මළල ක්‍රීඩා තරඟාවලියේදී උපමාලිකා රත්නකුමාරි රන් පදක්කම දිනාගත්තේ රටවල් රැසක ක්‍රීඩිකාවන් අභිබවමිනි. තායිලන්තය, වියට්නාමය, මැලේසියාව, සිංගප්පූරුව, මියන්මාරය ඇතුළු රටවල් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙම තරඟාවලියට සහභාගී වූහ.

ජනසෙවණ නිවාස දස ලක්ෂයේ නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම මඟින් විශාල පිරිසකට සහන සැලසෙන බවත් තමාට එමඟින් ලැබුණු සහනයෙන් ශ්‍රී ලංකාවට තව තවත් ජයග්‍රහණ ලබාදීම සඳහා විශාල ශක්තියක් ලැබුණු බවත් උපමාලිකා රත්නකුමාරි ක්‍රීඩිකාව පැවසුවාය. තමා ජීවත්වූයේ දඹුල්ලේ පිහිටි කටු මැටියෙන් තැනූ තමාගේ නිවසේ බවත් ඒ ගැන තොරතුරු දැනගත් විමල් වීරවංශ අමාත්‍යවරයා තමාට ජනසෙවණ යටතේ නව නිවසක් ලබාදුන් බවත් එමඟින් තමාගේ මානසික ශක්තිය තවදුරටත් ඉහළ ගිය බවත් උපමාලිකා පැවසුවාය. එම නිසා තායිලන්තයේදී තමා රට වෙනුවෙන් ලබාගත් ජයග්‍රහණයේ ගෞරවය අතිගරු ජනාධිපතිතුමාටත්, විමල් වීරවංශ ඇමතිතුමාටත් හිමිවිය යුතු බවද ඇය පැවසුවාය. තමාගේ මීළඟ ඉලක්කය ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල බවත් එහිදී මීටර් 400 ඉසව්වෙන් ශ්‍රී ලංකාවට අනිවාර්යෙන්ම රන් පදක්කමක් ලබාදෙන බවත් උපමාලිකා රත්නකුමාරි පවසන්නීය. වැඩිදුරටත් අදහස් දැක්වූ උපමාලිකා රත්නකුමාරි මෙසේද පැවසුවාය.

“ මගේ ගෙවල් දඹුල්ලේ. මම ‍ගොඩක්දුරට දැනට ඉන්නේ ‍කොළඹ මොකද පුහුණුවීමේ පහසුව සඳහා. මාස දෙක තුනකට සැරයක් ගෙදර යනවා. මොකද මම ඉස්සර මානසික වශයෙන් ගොඩක් පහළ හිටියේ. ගිය අවුරුද්දේදි මට නිවසක් තිබුණේ නෑ ඒ වෙනකොට මම පොඩි කටු මැටි පැලක හිටියේ. ඊට පස්සේ පත්තරේ ඒ බව දැනගත්තු විමල් වීරවංශ අමාත්‍යතුමා මාගේ ගේ හදලා දුන්නා. ඒ වෙනකොට මම ගොඩක් දුප්පත් විදිහට හිටියේ. දැන් නම් ටිකක් මානසික මට්ටම හොඳවෙලා. මාගේ ජයග්‍රහණයන් ඉදිරියට රැගෙන ඒමට මම කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා විමල් වීරවංශ අමාත්‍යතුමාට. එතුමා ඒ කරගෙන යන්නාවු වැඩ පිළිවෙළ නිසා තමයි මට ඒ නිවාසය ලබාගැනීමට පුළුවන් වුණේ. මං වගේ ක්‍රීඩීකාවන්ට ඒ වගේ උදව් කිරීම සම්බන්ධයෙන් එතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම නිසා තව ළමයෙකුට ගෙයක් සෑදෙනවා කියන්නේ මම ඒ ගැනත් ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම එතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මම තවත් එතුමාගෙන් ඉල්ලා සිටින්නේ මං ව‍ගේම තවත් ගමේ ඉන්න අසරණ දුප්පත් දරුදැරියන් වෙනුවෙන් එතුමාගේ පූර්ණ දායකත්වය ලබාදෙන්න කියලා. මං විශ්වාස කරනවා එතුමා ඒ දේ ඉටුකරයි කියලා. මින් ඉදිරියට ලබන්නාවූ ජයග්‍රහණයන් වලට මං විමල් වීරවංශ අමාත්‍යතුමාට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනේ. ඇත්තටම මගේ අම්මා නම් ගොඩක් සතුටෙන් ඉන්නවා. මම ඒ සතුට එදා ගේ විවෘත කරන දවසෙත්, අත්තිවාරම් කපන දවසෙත් දැක්කා. ඒ සතුට ගොඩක් එයා භුක්ති විඳිනවා. ඒ සතුටේ අයිතිකාරයා විදිහට ඉන්නේ විමල් වීරවංශ ඇමතිතුමා. එතුමා නිසයි ඒ දේ හම්බවුණේ. ඉතිං එතුමාට ස්තූති කරගන්න වචන නෑ මට. මගේ එක සිහිනය තියෙන්නේ මටම කියලා සාෆ් රන් පදක්කමක් ගන්න. මට සහාය දිවීමේදී රන් පදක්කමක් තියෙනවා. මට දැන් ඕන වෙන්නේ මීටර් 400 ඉවෙන්ට් එකේ මටම කියලා රන් පදක්කමක් ගන්න. ඊට පස්සේ දකුණු ආසියාතික පදක්කමක් දක්වා යන්න තමයි උවමනාව. මගේ හැකියාවන් තියෙන මට්ටම අනුව ඔලිම්පික් පදක්කමක් කරා යාමට උත්සාහ කරනවා. මොකද මම ඔලිම්පික් සුදුසුකම් මට්ටම සපුරනවා කියලා මම විශ්වාස කරනවා. මම ඒ තැනට යන්න ගොඩක් උත්සාහ දරන කෙනෙක්. අනිවාර්යෙන් මම මගේ මව් රට වෙනුවෙන් ඒ දේ කරනවා. සුසන්තිකා අක්කා, ශ්‍රියානි අක්කා, දර්ශා අක්කා, ඒ අයට ඒ දේ කරන්න පුළුවන් වුණා නම් මටත් රටට දෙයක් කරන්න පුළුවන් කියන හැඟීම මගේ හිතෙත් තියෙනවා. අනිවාර්යෙන් මං මගේ රට වෙනුවෙන් ඒ දේ කරනවා. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ඇමතිතුමාට ස්තූතිවන්ත කිරීමක් පමණයි. මොකද මම අද මෙතන ඉන්නේ එතුමා නිසයි. එතුමාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා”

මීට පෙර පැවති සිංගප්පූරු විවෘත මලල ක‍්‍රීඩා උළෙලට ශ‍්‍රී ලංකාව වෙනුවෙන් උපමාලිකා රත්නකුමාරි ඇතුළු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පස්දෙනෙක් සහභාගි වූහ. මෙහිදී පැවති මීටර් 400 කාන්තා ධාවන තර`ගයෙන් ඇය රන් පදක්කම ලබා ගත්තේ තත්පර 54.71 කින් තර`ගය නිමකරමිනි. මෙම තර`ගයෙන් ශ‍්‍රී ලංකාවට රන් පදක්කමක් ලබා දෙමින් උපමාලිකා ජයග‍්‍රහණය ලැබුවේ ජපානය, චීනය, ඕස්ටේ‍්‍රලියාව, පැපුවානිවුගිනියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, සිංගප්පූරුව, බෲනායි යන රටවල ක‍්‍රීඩිකාවන් පරාජයට පත්කරමිනි.

දඹුල්ල, කණ්ඩලම් පල්ලේගම මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ උපමාලිකා ක‍්‍රීඩිකාව සමස්ථ ලංකා පාසැල් මට්ටමේ ජයග‍්‍රහණ රැසක් ලබාගත්තේද බාධක රැසක් මධ්‍යයේය. ඉන් අනතුරුව ජාතික මට්ටමේ ජයග‍්‍රහණ රැසක් මීටර් 400 ධාවන තර`ග ඉසව්වෙන් ඇය ලබාගත්තාය. 2009 වසරේ ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ මීටර් 400 කාන්තා ධාවන තර`ගයේ ප‍්‍රථම ස්ථානය දිනාගත්තේද උපමාලිකාය. ඊට අමතරව 2010 වසරේ බංගලාදේශයෙදී පැවති දකුණු ආසියාතික ක‍්‍රීඩා තර`ගාවලියේදී මීටර් 400 X 4 සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කරමින් ශ‍්‍රී ලංකාවට රිදී පදක්කමක් ලබාදීමටද උපමාලිකා දායකවූවාය. මීටර් 400 කාන්තා ධාවන ඉසව්වේ ජාතික මට්ටමේ ඉදිරියෙන්ම සිටින ක‍්‍රීඩිකාවන් හැටියට උපමාලිකා රට වෙනුවෙන් තවත් ජයග‍්‍රහණ රැසක් ලබාදීමට සූදානමින් සිටී. ඇය මේ වන විට ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ 5 වන කාන්තා බලකායේ ලාන්ස් ක්‍රෝපල්වරියක් වශයෙන් සේවය කරයි.

   

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...