රබර්වල ගුණ වැඩිදියුණු කිරීමට කෙසෙල් කෙඳි April 3, 2013 Comments Off on රබර්වල ගුණ වැඩිදියුණු කිරීමට කෙසෙල් කෙඳි 5 Views කෙහෙල් ගහෙන් ගත්ත කෙඳි, විවිධ කර්මාන්ත සඳහා අවශ්‍ය වියළි රබර් මිශ්‍රණ හදන කොට, සාර්ථකව යොදාගන්න පු`ඵවන් ස්‌වභාවික කෙඳි වර්ගයක් බව අපේ විද්‍යාඥයන් පිරිසක් තහවුරු කළා. ස්‌වාභාවික කෙඳි වර්ග රබර් නිෂ්පාදන සඳහා යොදා ගැනීම දැන් අලූත් ප්‍රවණතාවක් වෙලා. එයට හේතුව තමයි මේ ස්‌වාභාවික කෙඳි අවට පරිසරයෙන් පහසුවෙන් ම ලබා ගත හැකි වීම, පිරිවැය අවම වීම සහ ඒවායෙහි පරසර හිතකාමී බව. අප අවට පරිසරයේ බහුල ව හමු වන කෙඳි අතුරින් වැඩි ම සෙලියුලෝස් ප්‍රමාණය තිබෙන්නේ මේ කෙසෙල් කෙඳිවල. තන්තුවලින් 60-65%ක් ම තිබෙන්නේ මේ සෙලියුලෝස්. මේ කෙසෙල් කෙඳි රසායනිකව සහ හෞතිකව නවීකරණය කර යොදා ගැනීමෙන් රබර්වල ගුණ වැඩි දියුණු කර ගැනීමටත් හැකියාව තිබෙනවා. කෙසෙල් තන්තු එක් කිරීමෙන් වියළි රබර් සංයෝගවල, ද්‍රව අවස්‌ථාවේ දී ගලා යන ආකාරය (rheological properties) සහ භෞතීය-යාන්ත්‍රික ගුණ (physio-mechanical properties) කෙරෙහි ඇති කරන බලපෑම පිළිබ`දව මේ අධ්‍යයනයේ දී වැඩි අවධානයක් යොමු කෙරුණා. මෙහි දී යාන්ත්‍රික ක්‍රමයක් ම`ගින් වෙන් කර ගත් කෙසෙල් කෙඳි අඹරා ස්‌වාභාවික රබර්වලට මිශ්‍ර කෙරුණා. ඉන්පසු මෙලෙස කෙසෙල් කෙඳි යොදා සැකසූ රබර් සංයෝග, කාබන් ක`ඵ (carbon black) යොදා සැකසූ රබර් සංයෝගත් සමග සන්සන්දනාත්මකව පරීක්‌ෂා කිරීම සිදු කළා. මෙහි දී කෙසෙල් කෙඳි යෙදූ රබර්වල තද බව (hardness) ඉහළ ගොස් තිබූ අතර, ඇදීමක දී කැඩී යැමට පෙර දරාගත හැකි උපරිම ආතතිය (tensile strength) සහ දැඩි ආතතියක දී ඉරී යැමකට එරෙහි ව දරා සිටීමට ඇති හැකියාව (tear strength) පහළ ගොස් ඇති බව නිරීක්‌ෂණය කළ හැකි වුණා. කෙසෙල් කෙඳි පමණක් යොදා ගත් විට එය රබර් සඳහා තනුකකාරක පිරවුමක් (diluent filler) ලෙස හැසිරෙන බව මින් තහවුරු වුණා. එහෙත් කෙසෙල් කෙඳි, ෆීනයිල් ෆෝමැල්ඩිහයිඩ් හෝ හෙක්‌සා මෙතිලින් ටෙට්‌ට්‍රා ඇමයින් වැනි ඈලුම්කාරකයක් (coupling agent) සමග රබර් සඳහා යොදා ගැනීමෙන් දරාගත හැකි උපරිම ආතතිය 25%කින් ඉහළ නංවාලීමට හැකි වුණා. දැන් මේ නව සොයාගැනීමත් සමග ස්‌වාභාවික රබර් වඩා ශක්‌තිමත් කර ගැනීමට නිකරුණේ අපතේ යන කෙසෙල් කෙඳි පහසුවෙන් ම යොදාගන්න පු`ඵවන් වේ වි. මේ අධ්‍යයනය සිදු කර ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයයේ, රසායනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ එස්. යූ. ලොකුබාලසූරිය, එස්. එම්. එගොඩගේ සහ බී. ඒ. ඡේ. කේ. ප්‍රේමචන්ද්‍ර යන විද්වත් පිරිසයි. Share featured Latest slider 2013-04-03 ceylonradio Share Facebook Twitter Google + Pinterest