රඹකැන් ඔය ජලාශයේ මංගල දියවර මුදාහැරීම.

0
133

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ මහඔය පොල්ලේබැද්දේ දී, රඹකැන් ඔය ජලාශයේ මංගල දියවර මුදාහැරීම සිදු විය.

රුපියල් මිලියන 3970 වියදම් කෙරුණු රඹකැන් ඔය ජලාශයේ බැම්ම අඩි 3600ක දිගකින් යුක්ත වන අතර බැම්ම උසින් අඩි 81කින් යුක්ත වේ. කිලෝමීටර් 6.7කින් යුත් ප්‍රධාන ඇළක් හා කිලෝ මීටර් 40ක දිගින් යුතු බෙදුම් ඇළක් ද මෙම සංවර්ධන ව්‍යාපෘතියට අයත් වේ.
අක්කර අඩි 45,000ක ජලාශ ධාරිතාවකින් යුතු රඹකැන්ඔය ජලාශය හරහා කුඹුරු අක්කර 3500ක් සහ ගොඩ ඉඩම් අක්කර 1200ක් වගා කිරීමේ හැකියාව ලැබේ.

(Photos by: Nishanka De Silva)
945712_10151470868871467_273347083_n

988267_10151470871996467_2083116686_n