19.4 C
London
Thursday, June 19, 2025
spot_img

රඹුටන් නිසා ති‍දෙනෙකු ඇන කොටා ගනියි

මහනුවර පොදු වෙළඳ පොළ අසලදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

අද උදෑසන මෙම ගැටුම ඇතිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

තුවාල ලැබූ පුද්ගලයින් මහනුවර රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව අජිත් රෝහණ මහතා පැවසුවේය.

රඹුටන් වෙළදාම සම්බන්ධයෙන් ඇතිවු බහින් බස් වීමක් දුර දිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

මහනුවර පොලීසිය මෙම ගැටුම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles