රසායනික කාන්දුවක් නිසා දකුණු කොරියාවේ ප්‍රදේශයක් අතහැර දමයි
ගිණිකොනදිග දකුණු කොරියාවේ සෝල් නුවර ආශ‍්‍රිතව පසුගිය සැප්තැමිබර් මස පැතිරගිය විෂ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් හේතුවෙන් එම ප‍්‍රදේශය අනතුරුදායක කලාපයක් ලෙස ප‍්‍රකාශ කර ඇති බවට එරට මාධ්‍ය පෙන්වා දෙයි.
මෙම සිදුවීම නිසා 3000 කට අධික ජනතාවකට වෛද්‍ය ආධාර ගබා ගැනීමට සිදුවූ අතර මේ පිලිබඳව එරට රජය වගකීමෙන් කි‍්‍රයා නොකල බවට බොහෝ පිරිස් චෝදනා කර තිබිණ.
මෙහිදී රසායනික අම්ල ටොන් 8 ක් පමණ කාන්දු වී ඇති අතර සිදුවූ පිපරුමක් සමඟ ආයතනයේ සේවකයන් 5 දෙනෙක්ද මරනයට පත්ව 18 දෙනෙක් තුවාල ලැබීය.
මෙම අම්ලය හේතුවෙන් වැඩි ලෙසම හානි සිදුවන්නේ පෙනහළු, අස්ථි හා ස්නායු පද්ධති බවත් වෛද්‍යවරු පෙන්වා දෙයි.
කම්හල අවට ප‍්‍රදේශයේ ජනතාවද මෙයින් ඇතිවූ ස්වසන අපහසුතා හා වමනය හේතුවෙන් ප‍්‍රදේශය අතහැර ගොස් ඇති බවද එම වාර්තා තව දුරටත් පෙන්වා දෙයි. ආසන්නයේ පිහිටි ව්‍යාපාර 80ක පමණ වසා දැමිමට සිදුවූ බවත් ඉන් සිදුවූ පාඩුව මිලියන 15.9 ක් පමණ වන බවත් මේ වන විට ගණන් බලා ඇත.
- Advertisement -