16 C
London
Thursday, November 13, 2025
spot_img

රාජකීය ගුරු මාතාවක් වහළ උඩට නගී

කොළඹ රාජකීය විද්‍යාලයේ ගුරුවරියක වන කල්‍යාණි දිසානායක මහත්මිය ඊයේ (30) පෙරවරුවේ එම විද්‍යාලයේ ගොඩනැගිල්ලක් මතට නැග විරෝධතාවයක නිරත වී තිබුණා. ඇයගේ ආරක්‍ෂාවට මහල් ගොඩනැගිල්ලේ පහළින් සිසුන් විසින් මෙට්ට යොදන ලද අතර ගිලන් රථ හා දොඹකරයක්ද ගෙන්වා තිබුණා.

තමාට ලැබුණු ස්ථාන මාරුව පෞද්ගලික පළිගැනීමක් මත ලැබුණු අසාධාරණ එකක් බව පවසමිනුයි ඇය මේ තීරණය ගෙන තිබුණේ. සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ගුරු මාරුවීම් නොපිළිගන්නා ගුරුවරුන්ට එරෙහිව විනයානුකූලව පියවර ගනු ලබන බවයි. ඒ අනුව මෙලෙස වහලය මතට නැගුණ ගුරුවරියගේ ක්‍රියාව පිළිබඳව විනයානුකූල පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දුන් බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. මෙම ගුරුවරිය වසර අටක කාලයක් අදාළ විද්‍යාලයේ සිටියද එම පාස‍ලේ දරුවන්ට උගන්වා නොමැති බවත් එවැනි අවස්ථාවක ඇය හැසිරෙන ආකාරය අනුමත කළ නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles