රාවණා රජුගේ උමඟක් මතු වෙයි

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 10 කණුව, සාදින්නාගල කන්ද හරහා කැණීම් කටයුතු සිදුකරමින් පැවැතියදී රාවණා රජු සමයේදී භාවිත කරනු ලැබූ ඉපැරැණි උමං මාර්ගයක් මතුවී ඇත. රාවණා ඇල්ල හරහා වැටී ඇතැයි සැලකෙන මේ උමං මාර්ගය ඔස්සේ රාවණා රජු ඇල්ල – වැල්ලවායේ සිට බණ්ඩාරවෙල දොථව පන්සල දක්වා එකල ගමන් කරන්නට ඇතැයි අනුමාන කෙරේ.

උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ රාජකාරි කරනු ලබන නිලධාරීන් සාදින්නාගල කන්දේ ඇති කුඩා පර්වත බෝර දමා පුපුරුවා හැරීමේ කටයුත්තේ නිරතව සිට ඇති අතර ඒ ආකාරයට ගලක් පුපුරවා හැරීමෙන් අනතුරුව මේ උමං ‍දොරටුව මතුවී ඇත. උමං ‍දොරටුව අඩි 11ක් පමණ උසකින්ද, අඩි 5ක් පමණ පළලකින්ද, පහළට ගමන් කළ හැකි පඩිපෙළ කිහිපයකින්ද යුක්ත අතර දෙපස බිත්ති ඉතා සියුම් ලෙස ඔපදමා ඇති බව වාර්තා වේ. මේ වන විට මේ උමං මාර්ගය හමුවූ ප්‍රදේශයට දැඩි ආරක්‍ෂාවක් යොදා ඇති  බවක්ද දැනගන්නට ඇත.

 

Check Also

“යුඇන්පියට වාසි වෙන නිසා මහින්දට දුන්නා”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකත්වය, කණ්ඩායම් නායකත්වය හා නාමයෝජනා ඉල්ලූ බවත් අනෙක් සියලු ...

නරුම සැමියෙක් බිරියගෙන් පළිගත් හැටි

පුත්තලම නවගත්තේගම තරනගස්වැව ප්‍රදේශයේ දී පවුල් ආරවුලක් දිගදුර යාමෙන් සැමියා බිරියගෙන් පලිගැනීම සදහා තම දොළොස් ...