රැකියාවට ගිය ලාංකිකයන් දහසක් කුසගින්නේ සෞදියේ කොටු වෙති April 17, 2013 Comments Off on රැකියාවට ගිය ලාංකිකයන් දහසක් කුසගින්නේ සෞදියේ කොටු වෙති 6 Views රැකියා පිණිස පිටව ගිය දහසකට ආසන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් සෞදි අරාබියේ ජෙඩා නගරය ආසන්නයේ යන එනමං නැතිව සිටින බව වාර්තා වේ. මේ පිරිස සෞදි අරාබියේ විශාල කර්මාන්ත ශාලාවල කාර්මික ශිල්පීන්, රියැදුරන්, අත් උදවුකරුවන්, පිරිසුදු කරන්නන් ලෙස ලංකාවේ විදේශ රැකියා ඒජන්තවරුන් මාර්ගයෙන් ගිය පිරිසකි. මෙරටදී රැකියා ඒජන්සි ආයතන මඟින් ශ්‍රමිකයන් ලබාදුන් සේවා ගිවිසුම් අනුව එරටදී නියමිත වැටුප් ලබා නොදීම සෞඛ්‍ය පහසුකම් හා නේවාසික පහසුකම් නිසි ලෙස සැපයීමට අපොහොසත් වීම හේතුවෙන් සෞදි රටේ කර්මාන්ත ශාලා හිමිකරුවන් හා විදේශීය ශ්‍රමිකයන් අතර ගැටලු මතු වීම ඊට හේතුව වන අතර සෞදි රටේ ධන කුවේරයන්ගේ විවිධ තාඩන පීඩනයට පත් සේවකයෝ පවසති. ජෙඩා නගරයේ අතරමංවී සිටින ශ්‍රමිකයන් අතර පාකිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයෝ පන්දහසකට අධික පිරිසක් සිටින බවද වාර්තා වේ. මෙම සේවකයන්ගේ සේවා ගැටලු මත සෞදි රටේ කර්මාන්ත ශාලා හිමියන් හා එක්ව සාකච්චඡා කිරීමට ගැටලුවලට මුහුණ පෑ ඒ ඒ රටවල ශ්‍රමිකයන් වෙනුවෙන් ඔවුන්ගේ තානාපති කාර්යාල සේවකයන් ජෙඩා නගරයට පැමිණ අවශ්‍ය පියවර ගෙන ඇතත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිස වෙනුවෙන් මෙතෙක් කිසිම පියවරක් ගැනීමට සෞදි රටේ ශ්‍රී ලංකා තානාපති හෝ එම කාර්යාලයේ සේවකයන්ට මෙතෙක් හැකියාවක් ලැබී නැති බවත් මේ හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිස මේ වන විටත් දිවා රෑ දෙකේම බඩගින්නේ කිසිම පහසුකමක් නැතිව රුදුරු වැලි කතරේ හිසට සෙවණක් නැතිවම රෙදි පොට්ටනි තුරුලු කරගෙන බිම නිදාගෙන සිටින බවත් ඡායාරූපවලින් හා එහි සිටින විපතට පත්වූවන් ගෙන් දැනගන්නට ලැබිණි. ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාට කම්කරු හා විදේශ අමාත්‍යංශවලට විපතට පත්වූවන් සිය දුන් ගැනවිලි හා ෆැක්ස් පණිවුඩ හා ඊමේල් පණිවුඩ මඟින් දන්වා එවූ බවත් සති දෙකක් පමණ මේ තත්ත්වයට පත්ව අන්ත අසරණව කෑමට හෝ බීමට දෙයක් නොමැතිව කිසිම සෞඛ්‍ය පහසුකමක් නැතිව නෑමට හෝ වැසිකිළි කැසිකිළි පහසුකම් සපයා ගැනීමටද සුදුසු ස්ථානවලට යෑමට නොදී එරට පොලිසිය මඟින් මෙරට ශ්‍රමිකයන් කොටුකරගෙන සිටින බවද හදිසි අවශ්‍යතාවකට හෝ නගරයට යෑමට මේ පිරිසට ඉඩ ලබා නොදෙන්නේ ඔවුන් සතුව ගමන් බලපත්‍රය හෝ වීසා හෝ එරට සේවා හැඳුනුම්පත්ද නොමැති වීම නිසා යැයි මෙරටින් ගිය අතරමංව සිටින ශ්‍රී ලාංකික පිරිස පවසති. සිංහල අලුත් අවුරුදු දිනවලදී ද කෑමට බීමට යමක් නොමැතිව ගිනියම් වූ වැලි කතරේ වූ කසළ බැහැර කරන විශාල හිස් ඉඩමකට යාබදව මේ ශ්‍රී ලාංකික පිරිස කොටු කර තැබීමට සෞදි පොලිසිය කටයුතු කිරීම ගැන ශ්‍රී ලංකා තානාපති සේවය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ගැන එරට සේවය කරන තවත් ශ්‍රී ලාංකික පිරිසකගේ දැඩි විරෝධය එල්ල වී ඇති බව වාර්තා වේ. අතරමංවී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමික පිරිස බේරා ගැනීමට ජනාධිපති තුමාට මැදිහත් වන ලෙස ඉල්ලා විපතට පත්ව අතරමංව සිටින ඔවුහු පොදු සංදේශයක් මඟින් ඉල්ලා එවා ඇති බවද අපට වාර්තා වේ. Share featured Latest slider 2013-04-17 ceylonradio Share Facebook Twitter Google + Pinterest