රැජිනක් නඩත්තු කිරීම ලේසි පහසු නැහැ

රැජිනක් නඩත්තු කිරීම ලේසි පහසු කටයුත්තක් නොවේය. බ්‍රිතාන්‍ය එලිසබෙත් මහරැජින නඩත්තු කිරීමද ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව එරටින් වාර්තා වේ. පසුගියදා පැවැත්වුණු ඇගේ දියමන්ති ජුබිලිය සඳහා බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් මිලියනයක් වැයවී ඇත. රජ පවුලේ ගමන් බිමන් සඳහා ස්ටර්ලින් පවුම් මිලියන 6.1ක් වැයවී ඇත. රැජින හතලිස් පස්වතාවක් විදේශ ගතවී ඇති අතර රජ පවුලේ උදවියගේ ගමන් බිමන් 3000ක් පමණ සිදුවී ඇත. එම සියලු ගමන් වියදම් සඳහා ස්ටර්ලින් පවුම් මිලියන 6.1ක් වැයවීම ගැන බ්‍රිතාන්‍යයට නම් පම්පෝරි ගැසිය හැකි කතාවකි. මෙහිදී අපට නම් සිතෙන්නේ ලංකාවට එවැනි රැජිනක් නොසිටියේ රටේ වාසනාවට කියාය.

Check Also

සඳුන් සෙවණ

අපේ සිත්වල ස්වභාවයත් හරියට අහස වගේ. මේ ලස්සනට දීප්තිමත්ව නිල්පාටින් බැබළෙමින් හිරැත් එක්කලා සිනහවෙමින් ඉන්න ...

හේලංකඩ ඇනතියාන මොකදෑ බර කල්පනාව

හේලංකඩ…..හේලංකඩ ඇන තියානමොකදෑ බර කල්පනාවකොයි උඹෙ අර මල් හිනාවවෙනදා ඔය මුව පැලැන්දසුදුබංඩයියේ… සුදු බංඩයියේ…කොළදින් වැඩ ...