16.3 C
London
Thursday, June 19, 2025
spot_img

රිසානා නෆීක් හිස ගසා මරා දැමේ

පසුගිය කාලයේ මහත් සේ කතාබහට ලක්වූ සෞදි අරාබියේදී මරණ දඬුම නියමවී සිට රිසානා නෆීක් ට අද (09) මරණ දඩුවම පැමිණවූ බව එරටින් ලැබෙන වාර්තා පවසයි.

එරට සේවයේ යෙදී සිටිය දී ඇය අතින් සිදුවූ බිළිඳු මරණයක් සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටි රිසානා නෆීක් වසර 7 ට ආසන්න කාලයක් පුරාවට සිර දඬුවම් විඳිමින් සිටියාය. ඇය නිදහස් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරට රජුගෙන් පසුගිය 6 වනදා නැවත වරක් ඉල්ලීමක් කර තිබිණි.

මේ අතර රිසානා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් එරටින් යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකා රජය මෙන්ම සිවිල් සමාජ සංවිධාන යම් යම් ක්‍රියාමාර්ග ගනු ලැබූව ද එයින් ද සැලකිය යුතු ප්‍රතිඵලයක් අත්නොවිණි. ඇයව නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපතිවරයා සමග මීට පෙරාතුව සාකච්ඡාවක් ද පැවැත්වූ බව මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. ‍

සෞදියේ නිවසක ගෘහ සේවිකාවක ලෙසින් රැකියාවක් කරමින් සිටිය දී එම නිවසේ බිළිඳු මරණයක් සම්න්ධයෙන් රිසානාට 2007 ජූනි මස 16 වන දින එරට අධිකරණයෙන් මරණ දඬුවම නියම කරන ලදී.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles