රූකාන්ත චන්ද්‍රලේඛා ගායක යුවළ පදිංචිව සිටි මත්තේගොඩ නිවසට ආයුධ සන්නද්ධව කඩා වැදී අඩත්තේට්ටම් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු ජනාධිපතිනියගේ ආරක්ෂක අංශ සාමාජිකයන් 10 දෙනෙකුට ඊයේ (ජූලි 01) පානදුර මහාධිකරණය සිර දඬුවම් නියම කළේ ය.
ඒ පානදුර මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. ඒ අනුව විත්තිකරුවන් 9 දෙනෙකුට අවුරුදු 4යි මාස 6 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කෙරිණ.
ඊට අමතරව රුපියල් 21,000 බැගින් වූ දඬ මුදලක් සහ රුපියල් ලක්ෂ 2ක බැගින් වූ වන්දි මුදලක් ගෙවන ලෙස ද නියෝග කළේ ය.
5වන විත්තිකරු පූර්ණ ආබාධිත තත්ත්වයක සිටීම නිසා ඔහුට නියම කෙරුණේ, ලිහිල් දඬුවමකි. ඔවුන්ගෙන් 7 වන විත්තිකරු පෙරෙට්ටුවේදී හඳුනා ගැනීමට නොහැකිවීම නිසා නිදහස් කිරීමට මහාධිකරණය නියෝග කළේ ය. 2003 වසරේ සිට විභාගයට ගැනුණු මෙම නඩුවට විත්තිකරුවෝ 11 දෙනෙකු චෝදනා ලැබ සිටියහ.