රූකාන්ත සහ චන්ද්‍රෙල්ඛාගෙන් වැරදිකරුවන්ට සමාව

රවීණ සංගීතඥ රූකාන්ත ගුණතිලක මහතා සහ ප්‍රවීණ ගායන ශිල්පිනී චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබිණි.

වැරදිකරුවන්ට එරෙහිව අධිකරණය දුන් දඬුවමට ගරුකරන බවත්, දඬුවමට ලක්වූ උදවියට තමන් සමාව දී අවසන් බව ත් රූකාන්ත ගුණතිලක මහතා එහිදී කියා සිටියේ ය.

රූකාන්ත ගුණතිලක මහතා පැවසුවේ මෙහිදී නියෝග දුන් උදවිය සම්පුර්ණයෙන් ම නිදහසේ සිටින බව ය.

එබැවින් මේ පිළිබඳව සාධාරණයක් ඉෂ්ට වූ බවට තමන්ට සතුටු විය නොහැකි බව ඔහු සඳහන් කළේය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය ද අදහස් පළ කළා ය.

ඇය පැවසුවේ, තමන්ගේ කොණ්ඩය කැපීම නිසා ලොකු අසාධාරණයක් තමන්ට සිදු වූ බව ය.

තම දරුවන් ඉදිරියේ තමන් දැඩි අපහසුතාවට පත් වූ බව ත් ඇය පැවසුවා ය.

දඬුවමට ලක්ව ඇත්තේ, සැබෑ වැරදිකරුවන් නොවන බව ත්, සිදුකර ඇත්තේ අණ කිරීමක් ක්‍රියාත්මක කිරීමක් පමණක් බව ත් චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය වැඩි දුරටත් කියා සිටියා ය.

source:newsfirst.lk

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...