රේණුකා බාලසූරියගෙන් තවත් වාර්ථාවක්…

රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ සෝමරත්න දිසානායක අධ්‍යක්‍ෂණය කළ “සිරිපැරකුම්” ප‍්‍රදර්ශණය ආරම්භ වීමට ප‍්‍රථමයේදී සිටම කතා බහට ලක්වූයේ පිටපත් ප‍්‍රමාණයේ අර්බූදය සමගය.

එහිදී සියල්ල අභිබවා සෝමරත්න ගේ “සිරිපැරකුම්” පසුගිය 31වන දා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලා 51ක තිරගතවීම ආරම්භවූයේ වාර්ථාවක් ද සමගිණි .ඒ ප‍්‍රදර්ශණය ආරම්භ වී දින හතරක වැඩිම ආදායම් ඉපැයූ ලංකාවේ ප‍්‍රථම සිනමා නිර්මාණය ලෙසය .

දැන් “සිරිපැරකුම්” සිංහල සිනමාවේ ඵෞතිහාසික දෙවන වාර්ථාව තැබීමට ද සමත් වී ඇත. ඒ පසුගිය ඉරුදින එනම් 16වන දින “සිරිපැරකුම්” නැරඹීමට ලංකාව පුරා ඇති සිනමා ශාලාවල් වලට එක් රැස්වු පේ‍්‍රක්‍ෂක ජනතා සංඛ්‍යාව 53,962කි.

මෙය ලංකා සිනමා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට තැබූ වාර්ථාවක් බව එහි නිෂ්පාදිකා රේනුකා බාලසූරිය අපත් සමඟ පැවසීය. එදින ට පමණක් ලැබූ ආදායම රුපියල් හැත්තැ හය ලක්‍ෂ අසූ හයදාස් නවසිය දහ නවයකි. එය එක් දිනක් තුළ සිනමා නිර්මාණයක් ලැබූ වැඩිම ආදායම වේ.

මේ වනවිට “සිරි පැරකුම්” ප‍්‍රදර්ශණය ආරම්භ වී දින 17කි. මේ දින 17 තුළ උපයා ඇති සම්පූර්ණ ආදායම රුපියල් කෝටි පහමාරකි. මේ අනුව රේණුකා බාලසූරිය නිෂ්පාදිකාවක ලෙස ජයග‍්‍රාහිකාවක් බවට පත්ව ඇතුවා සේම, ඇය ඉදිරියේදීත් ව තවත් වාර්ථා තබන්නට සමත් වණු ඇත. මෙවන් වාණිජ සිනමා නිර්මාණ සිනමාව කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යාම සඳහා පිටුවහලක් වන බව ට තර්කයක් නැත.

 

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...