රොබින් හුඞ් කවුද යන්නට අලූත් මතයක්

එංගලන්ත ඉතිහාසයේ රොබින් හුඞ් යනුවෙන් සිටි පුද්ගලයා පිළිබඳ විවිධ කතා ගොඩනැගී පවතින අතර ඒ සම්බන්ධයෙන් සිනමා ටෙලි නිර්මාණ හා පොත පතද රචනාවී තිබෙනවා. මේ සියල්ලෙන්ම කියැවෙන්නේ රොබින් හුඞ් යනු පොහොසතුන්ගෙන් ධනය කොල්ල කා දුප්පතුන්ට බෙදා දුන් පුද්ගලයෙකු ගැනයි. නමුත් එංගලන්තයේ ප‍්‍රකට ඉතිහාසඥයෙකු වන ෂේන් මැක්ගේන් පවසන්නෙ රොබින් හුඞ් කවුද යන්න ලෝකය මෙතෙක් වැරදි ලෙස තේරුම් ගෙන තිබූ බවයි.
රොබර්ට්ස් හුඞ් නමින් හැඳින්වූ තැනැත්තෙකු රොබින් හුඞ් නමින් පසුකාලීනව හඳුන්වා ඇති බව කියන ඔහු පවසන්නේ මේ පුද්ගලයා පොහොසතුන්ගෙන් සල්ලි කොල්ල කෑමක් සිදු නොකළ බවයි. සත්‍ය ලෙසම ඔහු සිදු කර ඇත්තේ ප‍්‍රංශ ආක‍්‍රමණිකයින්ගෙන් බි‍්‍රතාන්‍යය බේරාගැනීමේ සටනට කැලෑවේ ගරිල්ලා කල්ලියක් ආකාරයට වෙසෙමින් සටන් වැදීමයි.
ක‍්‍රි.ව.1216 ප‍්‍රංශ ලූවී රජුන්ගෙ ආක‍්‍රමණික හමුදාවට එරෙහිව සටන් වැදුණ මේ පුද්ගලයාගේ සත්‍ය නම විළියම් බවද ඉතිහාස ලේඛන වල දැක්වෙන බවත් උසාවියට ඉදිරිපත් කිරීමට අපොහොසත්වූ ඔහු ආක‍්‍රමිකයින් අතින් මැරුම් කෑ බවත් වාර්තා වනවා. නමුත් ඔහුගේ ගරිල්ලා සටන් නිසා ආක‍්‍රමිකයින් අන්දමන්ද කළ සිදුවීම් රැුසක් ගැන ජනප‍්‍රවාද පවතින බවද ඉතිහාසඥයා පෙන්වා දුන්නා.

Check Also

සඳුන් සෙවණ

අපේ සිත්වල ස්වභාවයත් හරියට අහස වගේ. මේ ලස්සනට දීප්තිමත්ව නිල්පාටින් බැබළෙමින් හිරැත් එක්කලා සිනහවෙමින් ඉන්න ...

හේලංකඩ ඇනතියාන මොකදෑ බර කල්පනාව

හේලංකඩ…..හේලංකඩ ඇන තියානමොකදෑ බර කල්පනාවකොයි උඹෙ අර මල් හිනාවවෙනදා ඔය මුව පැලැන්දසුදුබංඩයියේ… සුදු බංඩයියේ…කොළදින් වැඩ ...