HomeCeylon Gossip Ceylon Gossip ලංකාවට විරෝධය පෑ තමිල්නාඩු නළු නිළියන්ගේ චිත්‍රපට ලංකාවේ තහනම් ! By ceylonradio May 9, 2013 0 4 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාවට එරෙහිව උපවාසයක යෙදුණු තමිල්නාඩු රංගන ශිල්පීන් පෙනී සිටින චිත‍්‍රපට ශ්‍රී ලංකාවේ ප‍්‍රදර්ශනය කිරීම අත්හිටුවීමට ජාතික චිත‍්‍රපට සංස්ථාව ඊයේ (08) පොරොන්දු වු බව ‘රාවණා බලය’ සංවිධානය පවසයි. එකී පොරොන්දුව සඳහන් ලිපියක් ද ඔවුන්ගෙන් ලබාගත් බව එම සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තැකන්දේ සද්ධාතිස්ස හිමියන් පැවසූහ. කෙසේවුවද මේ සම්බන්ධයෙන් චිත‍්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ මහතා ප‍්‍රකාශ කලේ ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතාවල යෙදෙන දකුණු ඉන්දීය සිනමා ශිල්පීන්ගේ චිත‍්‍රපට මෙරට තුළ ප‍්‍රදර්ශනය කිරීම සඳහා එම චිත‍්‍රපට ආනයනකරුවන්ගේ ඉල්ලීමක් ලැබුණහොත් එම ඉල්ලීම් අමාත්‍යාංශය වෙත යොමුකරන බවයි. මේ අතර අයි.පී.එල් තරගාවලියට ශ්‍රී ලාංකික ක‍්‍රිඩකයින් සහභාගි නොකරන්නැයි ඉල්ලමින් රාවණා බලය සංවිධානය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ද මෙවැනිම ලිපියක් භාරදී තිබිණ. ඒ සඳහා ලැබුණු පිළිතුරු ලිපියෙන් පසු ඔවුන් කියා සිටියේ ක‍්‍රිඩකයින් ආපසු පැමිණෙන අවස්ථාවේදී එම ක‍්‍රීඩකයින්ට දඩුවම් ලබා දෙන බවයි. Share TagsfeaturedLatestslider Share FacebookTwitterPinterestWhatsApp Previous articleරාවණා රජු වේරම්බ වාතයේ සැඟවූයේ චන්ද්‍රිකාද?Next articleඅවුරුදු 25 න් දෙහිවලට සිංහ පැටියෙක් ceylonradio Related Articles ක්‍රීඩා පිටිය බංග්ලාදේශය පරදවමින් සිම්බාබ්වේ කණ්ඩායමට විශිෂ්ට ජයක් Domestic ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2025දී 3.5%ක වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ – ලෝක බැංකුවේ වාර්තාව Ceylon Events in UK උඳුවප් පුර පසළොස්වක පුන් පොහෝ දින සීල භාවනා වැඩ සටහන හා උදාවන නව වසරේ ආශිර්වාද පිංකම්. Stay Connected0FansLike0FollowersFollow0SubscribersSubscribe - Advertisement - Latest Articles ක්‍රීඩා පිටිය බංග්ලාදේශය පරදවමින් සිම්බාබ්වේ කණ්ඩායමට විශිෂ්ට ජයක් Domestic ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2025දී 3.5%ක වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ – ලෝක බැංකුවේ වාර්තාව Ceylon Events in UK උඳුවප් පුර පසළොස්වක පුන් පොහෝ දින සීල භාවනා වැඩ සටහන හා උදාවන නව වසරේ ආශිර්වාද පිංකම්. Ceylon Events in UK Trico Logistics – Liverpool Office Opening Breaking News වෘත්තීය සමිති සමග සාකච්ඡාවෙන් පසු අගමැතිගෙන් ප්‍රකාශයක් Load more