බෞද්ධාගම හා සම්බන්ධ රූප ල චිත්‍ර හා කලා නිර්මාණයන්ට අගෞරවයක් වන ආකාරයෙන් නොහැසිරෙන ලෙසත් බුදු පිළිම ඉදිරියේ සිට ඡායාරූපයන්ට පෙනි නොසිටින ලෙසත් ශ්‍රී ලංකාවේ සංචාරයට එන බ්‍රිතාන්‍ය ජාතිකයන්ට බ්‍රිතාන්‍ය රජයෙන් නව උපදෙස් මාලාවක් ලබා දී ඇත. පසුගිය සතියේ බුදු පිළිමයකට අගෞරව වන ලෙස හැසිරුණු ප‍්‍රංශ ජාතික යුවලක් අත්අඩංගුවට ගෙන සිර දඬුවම් ලනවා දඩ ගැසීම සැලකිල්ලට ගෙන එරට රජය විසින් මෙම පියවර ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. පසුගිය සතියේ බ්‍රිතාන්‍යයේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලීය කාර්යාලය මගින් නිකුත් කළ නවතම සංචාරක උපදෙස් මාලාවේ මෙම කරුණු සඳහන්ය. මේ වසරේ ගත වු මුල් මාස 07 තුළ බ්‍රිතාන්‍ය සංචාරකයන් 61618 දෙනෙකු ශ්‍රී ලාංකාවට පැමිණ තිබේ.
