19.1 C
London
Thursday, June 19, 2025
spot_img

ලංකාවේ දි ඝාතනයට ලක්‌වූ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ සොහොයුරා කතා කරයි…

තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, හෝටලයක ලැගුම් ගෙන සිටි බි‍්‍රතාන්‍ය ජාතික කුරාන් යෙන් නමැති 27 හැවිරිදි අයෙකු ඝාතනය කිරීම සහ ඔහුගේ බිරිඳ වන වික්‌ටෝරියා නමැති 24 හැවිරිදි කාන්තාවට බරපතළ තුවාල සහිතව ලිංගික අතවර සිදු කල පුවතක් අප ඔබ වෙත ගෙන ආවා.

එසේ ඝාතනයට ලක්වූ කුරාන් යෙන් නැමති බි‍්‍රතාන්‍ය ජාතිකයාගේ සොහොයුරු වන නසීර් ෂායික්‌ මහතා මේ සම්බන්දයෙන් කර ඇති අදහස්‌ දැක්‌වීමක්‌ ඇතුළත් නිවේදනයක්‌ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය මගින් ජනමාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

අවුරුදු 32 ක්‌ වූ තම සොහොයුරු බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂායික්‌ ශ්‍රී ලංකාවේදී ඝාතනය වී ඔහුගේ පෙම්වතිය අතවරයකට ලක්‌කර මාස 18ක්‌ ගතවී ඇතත් දීර්ඝ කාලයක්‌ මුළුල්ලේ කෙරුණු පරීක්‍ෂණ හැරෙන්නට චෝදනා ගොනු කිරීමක්‌ සිදුව නැතැයි ඔහු පවසනවා.

එම නිවේදනයේ මෙසේද දැක්‌වෙනවා.

මගේ පවුලේ සාමාජිකයන්ට පසුගිය මාස 18 ක කාලය තුළදී සිත් රිදුම් අසතුට සහ වේදනාව හැර වෙනත් කිසිවක්‌ හිමි වූයේ නැත. පවුලේ බාල සාමාජිකයකු මෙවැනි භයානක ආකාරයකින් ඝාතනයට ලක්‌වීම කිසිදු ආකාරයකින් ඇදහිය නොහැකි සිද්ධියක්‌ වන අතර එය වචනයෙන් විස්‌තර කිරීමට පවා අපහසුය.

කුරාම් යනු සාමය සහ සහයෝගීතාව සම්බන්ධයෙන් වටිනාකම් බෙදා හදා ගත් පුද්ගලයකු වූ අතර කෘත්‍රිම අත් පා යොදා ගනිමින් දිවි ගෙවන පුද්ගලයන් වෙත සාමාන්‍ය ජීවිතයක්‌ උරුම කරදීම සඳහා කැප විය.

ලෝකයේ ඉතා දුෂ්කර තත්ත්වයන් පවතින රටවල මානුෂීය සේවාවන්හි නිරත වීම තුළින් ඔහු සුවිශේෂිත පුද්ගලයකු බව ප්‍රදර්ශනය කළේය. මිනිසුන්ගේ ජීවිතය දික්‌ කිරීම වෙනුවෙන් කැපවූ කුරාම් අනාගත ගාසා ජනතාව වෙනුවෙන් සැබෑ සේවාවක්‌ ඉටු කළේය.

ජීවිතයෙන් තමන් සමු ගන්නා විට හැර දමා ගිය සහෘදයන් වෙනුවෙන් සැබෑ මතක සටහනක්‌ ශේෂ කිරීමට ඔහු සමත් වූ බව පැවැසිය යුතුය. ඔහුගේ ඓතිහාසික සේවාව තවදුරටත් රැව් පිළිරැව් දෙනු ඇත.

ශ්‍රී ලංකාවේ සිට බොහෝ දුරක්‌ ඈතින් සිටියද මෙම භයානක අපරාධයට සම්බන්ධ වූවන් නීතිය හමුවට පැමිණවීමට මෙතරම් කාලයක්‌ වැය වන්නේ ඇයි දැයි කිසිවෙකුටත් අවබෝධ කර ගැනීමට නොහැකිය.

මෙම නඩු විභාගය තුළින් මගේ දෙමාපියන්ගේ වේදනාවට පිළිතුරක්‌ නොලැබුණද ඔවුන්ගේ සුවපත් වීමේ ක්‍රියාවට එය නිශ්චිතවම හේතු වනු ඇත. ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ බලධාරීන්ගෙන් මා වෙත අවස්‌ථා ගණනාවකදීම කඩිනමින් නඩු විභාගයක්‌ පවත්වන බවට හා මෙවැනි භයානක අපරාධයක්‌ කළ තැනැත්තන් නීතියේ රැහැනට හසුකර ගන්නා බවට පොරොන්දු ලැබිණ.

එම පොරොන්දු හුදෙක්‌ හිස්‌ වදන් බව මේ වන විට සිතීමට පෙළඹී සිටිමි. සිද්ධිය මහජනතාවගේ අවධානයෙන් ඉවත් කොට තැබීම සඳහා මෙම ප්‍රමාද කිරීම් උපාය මාර්ගික වශයෙන් සිදුකෙරෙන බවද පැහැදිලි වී ඇත.

මේ සියල්ල මෙසේ පැවතියද, දේශපාලනඥයකු ඇතුළු සැකකරුවන් 8 දෙනකු කිසිදු චෝදනාවකින් තොරව ඇප මත මුදාහැර තිබේ. මෙය කිසිසේත් අනුමත කිරීමට නොහැකි තත්ත්වයකි.

කුරාම් ඝාතනයට ලක්‌වූ අතර ඊට වගකිවයුත්තන් මේ වන විට නිදැල්ලේ හැසිරෙන බව මෙයින් පෙනී යයි. මේ කරුණු අනුව පෙනී යන්නේ වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම සඳහා උනන්දුවක්‌ නොමැති බවයි.STN2123PICSRIPIC1_339379k

_57572958_srilankapolice 2 KH0421133 tangalle-beach

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles