ශ්‍රී ලාංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ගුවන් ගමනක් අතරතුර බීමත්ව සිදුකළ අන්තරායකාරී හැසිරීමක් සම්බන්ධයෙන් අද බ්‍රිතාන්‍යයේ ඬේලි මේල් ඇතුළු ප්‍රසිද්ධ පුවත් ආයතන විස්තර පළකර තිබෙනවා.
මෙම සිද්ධිය වාර්තාවී ඇත්තේ කොදෙව් ශාන්තලූසියා සිට ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපළ බලා ගමන් ගත් බී.ඒ.2158 නමැති බ්‍රිටිෂ් එයාර්වේස් සමාගමට අයත් බෝයිං 777 යානයකදීය.
යානය අඩි 35,000ක් පමණ ඉහළ අහසේ පියාසර කරන අවස්ථාවේ වැසිකිලියාමේ අදහසින් පැමිණි අධික ලෙස මත්පැන් පානය කර සිටි පුද්ගලයෙකු වැසිකිලි දොර හඳුනාගන්නට නොහැකිව යාබදව පිහිටි එම යානයේ කැබින් දොර වෙත ගමන් කර තිබෙන අතර එය අරින්නට උත්සාහ කර තිබෙනවා. මේ අවස්ථාවේ දරු දෙදෙනෙකු සමග ගමන් ගත් කාන්තාවක ගුවන් යානයේ දොර අරින්නට හදන ආකාරය දැක බියට පත්ව කෑගසා තිබෙනවා. කෙසේ වෙතත් ඔහුව එතැනින් ඉවත් කරන්නට ගුවන් යානයේ මගීන්ට හා සේවකයින්ට දැඩි පරිශ්‍රමයක් ගන්නට සිදුවුණ බවත් ඔහු අවස්ථා තුනකදී පමණ නැවත නැවත එතැනට එමින් දොර අරින්නට හැදු බවත් වාර්තා වුණා.
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරග සංචාරයකින් පසු කොදෙව් ශාන්තලූසියා සිට ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපළ බලා ලාංකික ක්‍රීඩකයින්ද රැුගෙන පියාසර කරමින් තිබූ මෙම යානයේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම ගමන් කළ බව සේවකයින් තහවුරු කළා.
එම ක්‍රිකට් ක්‍රීඩකයා ගුවන් යානයේ දොර වැරෙන් ඇද විවෘත කිරීමට විනාඩි 2ක පමණ කාලයක් උත්සහ දරා ඇති අතර මෙය
දුටු ගුවන් යානයේ සිටි සෙසු මගීන් කලබලයට පත්ව තිබුණා. මේ අතර එතැනට ආ ඔහුගේ මිතුරු සෙසු ක්‍රීඩකයින් කෑ ගසා එය නතර කිරීමට ද උත්සහා දරා එතැන මහා ගාල ගෝට්ටියක ස්වරූපයක් දිස්වී ඇත.
අඩි 35000 ඉහළදී දොර ඇරියේ නම් එය මහා අනතුරක් වන්නට ඉඩ තිබුණ අතර එම අවස්ථාවේ මගීන් 229 දෙනෙකු සිටි බවද වාර්තා වුණා.
මෙම ක්‍රීඩකයා මත්ව ඇත්තේ ගුවන් යානයේදී නොව ලාංකික ක්‍රීඩකයින් ගුවන් යානයට ගොඩවීමට පැය 4ට පෙර සිට මත් පැන් පානය කර තිබූ බව ද අනාවරණය වුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දුන් මගී කාන්තාවක වන ෆ්‍රෑන්සිස් ප්‍රකාශ කළේ තමා දරු දෙදෙනා සමග සිටියදී එතැන දොර අසළට වැනෙමින් ආ උස පුද්ගලයාගේ කනේ කළු රතු පැහැති හෙඞ් ෆෝන් පැළඳ සිටි බවත් ඔහු නිල්පාට පෝලෝ ෂර්ටයක සටහන්වූ ලංකාවේ ක්‍රිකට් සංකේතය හඳුනාගත් බවත් දොර අරින්නට හැදු වෙලාවේ කෑ ගැසූ නිසා ඔහුව එයින් මුදවන්නට ආ කණ්ඩායමේ සෙසු පිරිසද ඒ ආකාරයට ඇඳුම් ඇඳ සිටි බවත්ය. ඒ නිසා මේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම බව ඇයට පැහැදිලි වුණ බවත් ඇය පුවත්පත් වලට කියා තිබුණා.
එතැනට පැමිණියේ එම ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු බව තහවුරුවී ඇති නමුත් ඔහුගේ නම කුමක්දැයි හෙළි නොකරන බව බ්‍රිටිස් එයාර්වේස් බලධාරීන් පසුව ප්‍රකාශ කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් ක්‍රියාත්මක නොවුවත් මෙම හැසිරීම නිසා ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ විනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය තුළින් අයහපත් ප්‍රචාරයක් දැනටමත් පැතිරී ඇත.
News:http:dailymail.co.uk