පළමු ලෝක යුද්ධයෙන් පසුව නාවික බලය සතුව තිබූ බොහෝ රාජ්‍යයන් විදේශ වෙළෙඳ කටයුතුවල නියැළී සිටියහ. ලංකාවද එවකට කොළඹ වරාය කේන්ද්‍ර කරගත් බඩු භාණ්ඩ හුවමාරු පොළක් ලෙස ජනප්‍රියත්වයක් ඉසිලීය. නමුත් රට තුළ දේශීය ව්‍යාපාරිකයින් හට බැංකු පහසුකම් ප්‍රමාණවත්ව නොතිබිම ප්‍රධාන ගැටලුවක්ව තිබිණි. ඉන්දියාවේ නාට්ටුකොට්ටෙයි හි සිට පැමිණ ණය වෙළෙඳපොළ මෙහෙයවූ චෙට්ටියාර්වරුන්, ඇෆ්ගන්වරුන් සහ සීමිත විදේශ බැංකු කිහිපයක් මෙම කටයුතුවල නියැළී සිටියහ. ඔවුන් හරහා දේශීය ව්‍යාපාරික පන්තියට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාගැනීමේදී විදීමට සිදුවූ දුෂ්කරතා නිසාම බොහෝ දේශීය ව්‍යාපාර බිඳවැටෙමින් පැවැතිනි. මෙම හේතූන් මත දේශීය බැංකුවක අවශ්‍යතාවය මතුවිය. එවකට පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ ජෝර්ජ් ඊ ද සිල්වා මහතා ප්‍රමුඛත්වය ගනිමින් දේශීය බැංකුවක අවශ්‍යතාවය පිළිබඳ අදහස මත්ත්‍රණ සභාව දක්වා ගෙන ගියේය. මෙය ඉතාමත් වැදගත් අවශ්‍යතාවක් මෙන්ම රටේ දේශීය වෙළෙඳ ව්‍යාපාර සංවර්ධනයට මහත් පිටුවහලක් වන බව අවබෝධ කරගත් රාජ්‍ය මන්ත්‍රණ සභාව දේශීය බැංකුවක් පිහිටුවීම පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා කීර්තිමත් ඉන්දියානු බැංකුකරුවෙක් වූ සොරාබිජ් පොක්කනවාලා මහතා ප්රමුඛ කමිටුවක් පිහිටුවා එතුමාගේ නිර්දේශවලට අනුව 1938 අංක 53 දරන මුදල් ආඥා පනත යටතේ ලංකා බැංකුව පිහිටුවීම සඳහා අනුමැතිය ලබාගත්හ. එවකට ශ්‍රී ලංකාවේ මහා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ධුරය දැරූ සර් ඇන්ඩෲ කොල්ඩිකෝට් මැතිතුමා අතින් 1939 අගෝස්තු 01 දා බ්‍රිස්ටල් වීදියේදී සුබ මොහොතින් ලංකා බැංකුව (BOC) ආරම්භ විය.
මුල් අවධියේ පටන් ලංකා බැංකුව මනාව පවතින්නා වූ ප්‍රගතියක් දැක්වූයේ සිය ප්රාග්ධනය, තැන්පතු ආයෝජන සහ අත්තිකාරම් යන අංශයන් වර්ධනය කර ගනිමිනි. සිය ප්‍රථම ශාඛාව 1941 ඓතිහාසික මහනුවරදීද දෙවැන්න 1944 දකුණේ අග නගරය වූ ගාලු පුරවරයේදීද විවෘත කළ ලංකා බැංකුව 1949 වසරේදී අක්වෙරළ බැංකු කටයුතු සඳහා ලන්ඩන් නගරයේ සිය ප්‍රථම විදේශ බැංකු ශාඛාව විවෘත කළේ තේ හා කෝපි අපනයන වෙළෙඳාම දියුණු කරලීම සඳහාය. 1977 විවෘත වෙළෙඳපොළ ආර්ථික කටයුතු ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීමත් සමග බැංකු කටයුතු ව්‍යාප්තිය සඳහා පුළුල් ඉඩකඩක් නිර්මාණය විය. එහිදී බැංකුවේ වත්කම් තැන්පතු අත්තිකාරම් මෙන්ම ලාභයද ඉහළ නැංවිනි. ඒ සමගම බැංකුවේ කාර්ය මණ්ඩලය ශාඛා ව්‍යාප්තිය මෙන්ම නව
නිෂ්පාදන හා සේවා යන අංශද මතෛක් නොවිහිඳුන මානයන් ඔස්සේ විහිදී ගියේය. සම්ප්‍රදායික බැංකු කටයුතුවලට අමතරව ලංකා බැංකුව ණයපත්, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හරහා 24 පැය බැංකු කටයුතු සහ කල්බදු සේවා වැනි විවිධාංගීකරණයන්ටද ලක්විය. 1989 දී ලංකා බැංකුව වීසා ණයපත් නිකුත් කිරීමෙන් ප්‍රථමයෙන් කාඩ්පත් වෙළෙඳපොළටද අවතීර්ණ විය.
1982 වසරේදී ලංකා බැංකුව සිය ප්රතාපවත් නව නිවහනට ගෙවදින්නේ එවකට සිටි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. 1989 වසරේ අඩසියවසක අභිමානවත් සේවාව සැමරූ ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සංවර්ධන කටයුතු සඳහා උරදෙන තීරණාත්මක සාධකයක් බවට පත්විය.
ලංකා බැංකුව මේ වන විට වෙළෙඳපොළ ඛණ්ඩනය කරමින් කුඩා දරුවාගේ ගිණුමේ සිට
ජ්‍යෙෂ්ඨ පුරවැසියා දක්වා විවිධ සුදුසු ගිණුම් හඳුන්වා දී ඇත. සියලුම ගනුදෙනුකාර කණ්ඩායම් සඳහා ගැළපෙන මූල්‍ය විසඳුම් ලබාදෙන ලංකා බැංකුව පුද්ගලික බැංකුකරණය, ආයතනික බැංකුකරණය, ආයෝජන බැංකු, ඉස්ලාම් බැංකු සහ සංවර්ධන බැංකු යන සියලු අංශ ආවරණය වන සේ බැංකු සේවා සපයයි. අක්වෙරළ බැංකු කටයුතු සහ භාණ්ඩාගාර අංශය සඳහා වෙළෙඳපොළ මූල්‍ය සේවා සැපයීම තවදුරටත් පුළුල් කරමින් ලංකා බැංකුව මේ වන විට දිවයින පුරාම ව්‍යාප්තව පවතී. තවද චෙන්නායි හා මාලදිවයිනෙහිද තම විදේශ ශාඛා ව්‍යාප්ත කර ඇත.
ශාඛා 609ක් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) 500කට වැඩි ප්‍රමාණයක් ආවරණය වන පරිදි ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන 1000කට වැඩි සංඛ්‍යාවක්ද අනුරූප විදේශ නියෝජිතයන් 860කට වැඩි සංඛ්‍යාවක්ද ලංකා බැංකුව සතුය.
වසර 74ක දිගු ගමන පුරා ලංකා බැංකුව හිමිකරගත් ජයග්‍රහණයන්ද එමටය. ෆිච් රේටින් ලංකා විසින් දේශීය වාණිජ බැංකුවකට ප්රදානය කරන ලද ඉහළම ශ්‍රේණිගත කිරීම වන AA + (lka) මගින් බැංකුවේ ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම ඉහළ නංවා ඇත. බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් සඟරාව ලංකා බැංකුවට අඛණ්ඩව පස්වන වරටත් ශ්‍රී ලංකාවේ අංක 1 සන්නම් නාමය ලෙස 2013 දීද ශ්‍රේණිගත කර ඇත. රුපියල් ට්‍රිලියනයක වත්කම් අත්පත් කර ගනිමින් කැපී පෙනෙන ඉම් සලකුණකට ළඟා වූ ප්‍රථම ශ්‍රී ලාංකීය බැංකුව බවටද ලංකා බැංකුව පත්ව ඇත.
වසර 74ක ශක්තියත් විශ්වාසයත් සහ ස්ථාවරත්වයක් ඇති ලංකා බැංකුව එංගලන්තයේ අග්‍රගන්‍ය බැංකුකරණ සහ මූල්‍ය සඟරාවක් වන “The Banker” සඟරාවෙහි 2013 ජූලි කලාපයට අනුව සියලු ශ්‍රී ලාංකීය බැංකු පරයමින් ලෝකයේ ඉහළම පෙළේ බැංකු දහස අතරින් එකක් යන පිළිගැනීමට ලක්වී ඇත.
2013 අගෝස්තු 01 වෙනි දින ලංකා බැංකුව එහි අභිමානනීය 74 වසර සමරනු ලැබිය. 1939 වසරේ සිට බැංකු සහ මූල්‍ය ක්ෂේත්රයේ පුරෝගාමීත්වය උසුලමින් ලංකා බැංකුව ජාතියේ මහා පහන් ටැඹ ලෙස අප ජාතියේ වර්ධනයට සහ රටේ සංවර්ධනයට අඛණ්ඩව සාර්ථකව දායක වෙමින් ව්‍යවසායකයින්ට සිය ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මාර්ගෝපදේශකත්වයද සපයයි.
lakbima.