කාන්තාවන් ලක්ෂයකින් 20 දෙනෙකු පමණ වාර්ෂිකව පියයුරු පිළිකා රෝගයට ගොදුරුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
වාර්ෂිකව කාන්තාවන් ලක්ෂයකට 4.7 ක් පියයුරු පිළිකා රෝගය හේතුවෙන් මියයන බව එම අමාත්‍යංශය පෙන්වාදෙයි.
පියයුරු පිළිකාව කලින් හඳුනාගැනීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් පවතින අතර ඒ සඳහා සුවනාරි සායන මධ්‍යස්ථාන 700 ක් පමණ දිවයින පුරා ස්ථාපිත කර තිබේ.
එහෙත් බොහෝ කාන්තාවන් එම පරීක්ෂණ සඳහා යොමු නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
පිළිකාව කළින් හඳුනාගැනීමෙන් සුවපත් කළ හැකි අතර අවසන් අවස්ථාවේ ප්‍රතිකාරවලට එලැඹුණ ද ජීවිතය අහිමි විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.
ඔක්තෝබර් මාසය පියයුරු පිළිකාව පිළීබඳ දැනුවත් කිරීමේ මාසය වශයෙන් ද නමි කර තිබේ.
- Advertisement -