ලංකාව පාලනය කළ විදේශිකයන්ගේ රටවල පෞද්ගලික දේපළ වශයෙන් භාවිත කෙරෙන පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත අපේ ජාතික වස්තූන් පිළිබඳව සොයා බලා ඒවා නැවත මෙරටට ගෙන්වා ගැනීමට තානාපති අංශ මැදිහත්වී පිළියම් යෙදිය යුතුව ඇතැයි මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක කඹුරාවල රේවත හිමි පවසයි. එංගලන්තයේදී රුපියල් දෙකෝටියකට වෙන්දේසි කිරීමට තබා ඇති අනුරාධපුර යුගයට අයත් පෞරාණික සඳකඩපහණ වෙන්දේසියකින් මිලදී ගැනීමට කටයුතු කරනවා වෙනුවට පරිත්‍යාගයක් වශයෙන් ලබාගැනීමට රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් කළ යුතුව ඇතැයිද එහිමියෝ පවසති. ලංකාවේ වැවිලිකරුවකුව සිටි අයෙක් එංගලන්තයට ගෙන ගිය මෙම සඳකඩපහණේ වත්මන් හිමිකරු එක්ස්ටේර් ප්‍රදේශයේ බ්‍රොන්වෙන් හික්මොට්ස් මහත්මියයි. නිවසේ පියගැටපෙළ පාමුල තැන්පත් කර තිබූ සඳකඩපහණ පෞරාණික වටිනාකමකින් යුක්ත බව මොවුන් හඳුනාගෙන ඇත්තේ බොන්හැම් ඉස්ලාම් හා ඉන්දියානු කලා නිර්මාණ පිළිබඳ ආයතනයකින් කරුණු පෙන්වා දීමෙන් අනතුරුවයි. එම නිසා සඳකඩපහණ වෙන්දේසි කිරීමේ වගකීමද නිවැසියන් විසින් එම ආයතනයට පවරා ඇත.
News : Lakbima