19.4 C
London
Thursday, June 19, 2025
spot_img

ලන්ඩනයේ කඩා වැටෙන ආර්ථිකයට ජීව එන්නතක් වූ ඔලිම්පික්

ලොව සෑම රටකම පාහේ දක්නට ලැබෙන ආර්ථික කඩා වැටීමේ ලක්ෂණ මහා බ්‍රිතාන්‍යට පවා පොදු වූවක් වේ. ඔලිම්පික් තරඟ සඳහා සත්කාරකත්වය බ්‍රිතාන්‍යට හිමිවූ අවස්ථාවේ ආර්ථික විශේෂඥයන් ගේ ප්‍රධාන මතය වුයේ,  එය කඩ වැටෙනබ්‍රිතාන්‍ය ආර්ථිකයට මරු පහරක් විය හැකි බවයි. නමුත් ඔලිම්පික් උණුසුම
වැඩි වනවාත් සමඟම, එය දේව ආශිර්වාදයක් කොට ගෙන ආර්ථිකය ටිකෙන් ටික දියුණු වීමට පටන් ගැනුනි.ප්‍රධාන ආර්ථික දර්ශක වලට අනුව විරැකියාවෙන් පෙළුණු 65000 කට නව රැකියා අවස්ථා ඔලිම්පික් සංවර්ධන වැඩපිළිවෙල ඔස්සේ හිමිවිය. ඒ සමඟම විදේශ ආයෝජයින් මෙන්ම දේශීය ආයෝජකයින් ගේ ආයෝජන මඟින් ඔලිම්පික් ගම්මානය සඳහා ඉදිවුණු ගොඩනැගිලි හා යටිතල පහසුකම් මගින් බ්‍රිතාන්‍ය ආර්ථිකයේ වර්ධනය
නොසිතන අයුරින් ඉහල නැංවිණි.විවිධ ක්ෂේත්‍ර වලින් ඔලිම්පික් උළෙලට සම්බන්ධ සමාගම් හි ආයෝජන නිසා බ්‍රිතාන්‍ය ආර්ථිකය ට ලැබුණු පනනල හා ඔලිම්පික් නැරඹීමට පැමිණෙන විදේශීය නරඹන්නන් ගේ දායකත්වය මගින් ද බ්‍රිතාන්‍ය ආර්ථිකය සවිමත් විය හැකි බව එංගලන්ත රජයේ බලාපොරොත්තුවයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles