ලන්ඩන් අහසේ ලස්සන ගිනි මල් පිපේ
2013 නව වසර පිළිගැනීම සඳහා ලන්ඩන් නගර සභාව මගින් අති විශාල ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්වීය.
ලන්ඩනයේ තේම්ස් නදී තීරයේ සුවිශාල ”ලන්ඩන් ඇස” කතුරු ඔන්චිල්ලාව කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වූ ගිනිකෙළි සංදර්ශනය දැක බලා ගැනීමට ලන්ඩන් නුවර මේ දිනවල පවතින දැඩි සීතල කාලගුණයද නොතකා ලක්ෂ දෙක හමාරකටත් වැඩි සෙනගක් තේම්ස් නදී ඉවුර අසල එක්රැුස්වී සිටියහ. ගිනිකෙළි සංදර්ශනය අත්‍යාලංකාර වෙඩි 12,500 යොදගත් බව සංවිධායකයෝ කියති. මේ සඳහා වැයවූ මුදල රුපියල් කෝටි 4කි. ගිනිකෙළි සංදර්ශනය සංවිධාන කිරීමෙහි මුලිකත්වය දැරූ ලන්ඩන් පුරපති බොරිස් ජොන්සන් පැවැසුවේ මෙතරම් විශාල සෙනගක් මවිතයට පත්කළ මනරම් ගිනි කෙළි සංදර්ශනයක් ඉදිරිපත් කිරීමට ලැබීම ගැන තමන් උද්දාමයට පත්වන බවයි.
- Advertisement -