19.2 C
London
Monday, May 19, 2025
spot_img

ලන්ඩන් සරසවියේ ආචාර්ය උපාධියක් හිමි විනිසුරුවරිය ගේ චෝදනා විමර්ශනයට අට පාස් විමලේ,

නීතිය පිළිබඳව ලන්ඩන් සරසවියේ ආචාර්ය උපාධියක් හිමි අග‍්‍රවිනිශ්චයකාර ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ආණ්ඩුව විසින් ඉදිරි පත්කර තිබෙන දෝෂාභියෝගය වෙනුවෙන් චෝදනා විමර්ශනය සඳහා හරි හැටි සාමාන්‍ය පෙළ වත් සමත් නොමැති විමල් විරවංශ වැනි හිටපු ගල් කටස් ත්‍රස්තවාදීයෙකු පත් කිරීම මගින් ශ්‍රී ලංකාව නැවතත් නුගත් ගෝත්‍රිකයන්ගේ පාරාදීසයක් බවට සනාථ කොට තිබේ.

නුගත්කම කට හැකරකමින් වසා ගැනීමට හැකි බවට අදහන මේ බුරු වන්සයා හිරු පුවත්පතේ වැඩ කරන කාලයේ බොරැල්ලේ සීතක්කාගේ කඩේ උදේට ඉඳි ආප්ප දහය නයට කෑමට පුරුදුව සිටි නමුත් දැන් එක වේලකට වියදම් කරන මුදලට පාසල් ළමුන් දස දෙනෙකුට මාසයක් කන්නට දිය හැකිය.

ඒ කාලයේ නිර්ධනයන්ගේ විප්ලවය ගැන කතාකළ මොහු දැන් පාගා කොමිස් මගින් උපයා ගත මුදල් ප්‍රමාණය මිලියන ගණනකි.

ඒ කාලයේ තමන්ටත් නොතේරෙන ක්වොන්ටෝම් තියරි ගැන ලිං මැඩි ජෙප්පන්ට කියා දීමට තැත් කල විමලයා තම මෝඩකම මුලින්ම සභාවකදී පෙන්නුවේ අර්නස්ට් හෙමින්වේගේ ප්‍රකාශයක් සහ මොපසන්ග්ගේ බව කීමට ගොසිනි.

ඉන්පසු ලෝක බැංකුවේ ප්ලග් ගැලවීම, ගුගල් තහනම , කොකාකෝලා තහනම වැනි මෝඩ ප්‍රකාශ කරමින් මුළු ලංකාවේ ජනතාවට විහිළු සැපයිය.මන්ත්‍රීවරුන්ට තේ සපයන පාර්ලිමේන්තුවේ කුස්සියේ වැඩ කරන කොල්ලන් සියලුදෙනා උසස්පෙළ සමතුන් වන අතර ඔවුන් සියලුම දෙනා අධ්‍යාපනික සුදුසුකම් අතින් විමල් විරවංශ පරාද කොට තිබේ.

විමල් විරවංශ ගේ අමාත්‍යංශයේ කාර්යාල කාර්ය සහයක (පියන්) ද උසස්පෙළ සමතෙකු වන අතර පියන්ටද විමල් විරවංශට වඩා අධ්‍යාපනික සුදුසුකම් ඇත. මෙවැනි නුගත් මෝඩයන්ට ජනතා නායකයන් ලෙසට පෙනී සිටීමටත් ජනතාව ගේ අනාගතය ගැන තීන්දු ගැනීමටත් හැක්කේ මේ පසුගාමී ශ්‍රී ලංකික ගෝත්‍රික සමාජයේ පමණි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles