කොළඹ නගර සීමා බල ප්‍රදේශය ඇතුළු කොළඹ ජනාකීර්ණ ප්‍රදෙශවල ගුවනින් කියුබානු ‘ බී. ටී. අයි ’ බැක්ටීරියාව ඉසීමේ නියාමන ව්‍යාපෘතිය ඔක්තෝම්බර් අවසාන සතියේ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත. ශ්‍රී ලංකා කියුබානු තානාපති නිර්සියා ක්‍රැස්තෝ ගොවාරා මහත්මිය සමඟ අද (12) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත. හැකි ඉක්මනින් ‘ බී. ටී. අයි ’ බැක්ටීරියා ව ලබා දීමට කටයුතු කරන්නැයි අමාත්‍යවරයා මෙහිදී තානාපතිනියගෙන් ඉල්ලා තිබේ. කොළඹ නගර සීමාව, නුගේගොඩ හා දෙහිවල ජනාකීර්ණ ප්‍රදේශවලට මෙම බැක්ටීරියාව ගුවනින් ඉසීමට නියමු ව්‍යාපෘතිය ආරම්භ කෙරෙනු ඇත. මේ සඳහා ගුවන් හමුදා සහය ලබාගැනීමට සෞඛ්‍ය අමාතාංශය කටයුතු කරමින් පවතිනු ලැබේ. මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් සියයට 46 – 56 අතර ප්‍රතිශතයක් සෑම මසකම වාර්තා වී ඇත.
