19.2 C
London
Monday, May 19, 2025
spot_img

‘ලයන් එයාර්’ මළ සිරුරු ගොඩ ගනී

එල්.ටී.ටී.ඊ.යේ මිසයිල ප‍්‍රහාරයකින් 1998 වසරේදී මන්නාරම මුහුදු තීරයට කඩා වැටුණු ලයන් එයාර් ගුවන් යානාවේ සිටි කාර්ය මණ්ඩලයේ මළසිරුරු වළ දැමුවේ යැයි කියන මිනී වළවල් කැණීම විශේෂඥයන්ගෙන් සමන්විත කණ්ඩායමක් සමග ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාස නිලධාරීන් ඉදිරියේ අද දිනයේ සිදු කෙරමින් තිබේ.

කිලිනොච්චි මහේස්ත‍්‍රාත්වරයාගේ අධීක්‍ෂණයෙන් කැණීම් සිදුවන අතර කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකර ප‍්‍රමුඛ අධිකරණ වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක්ද භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ භූමිය සම්බන්ධ විශේෂඥ කණ්ඩායමක්ද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක්ද, මිනින්දෝරු දෙපාර්මේන්තුවේ විශේෂඥ කණ්ඩායමක්ද, නිතිපති දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක්ද, පොලිස් අපරාධ ස්ථාන පරීක්‍ෂණාගාර නිලධාරීන් කණ්ඩායමක්ද ඊට සම්බන්ධව සිටී.

ඔවුන්ගේ සිරුරු වළ දමා ඇති බවට සැලකෙන ස්ථානවලදී අදාල කැණීම් කටයුතු අද සිදු කෙරේ. එල්.ටී.ටී.ඊ. යේ මිලසිය ප‍්‍රහාරයකින් මීට වසර 14කට ඉහත දී මුහුදට කඩා වැටුණු ලයන් එයාර් ගුවන් යානයේ සුන්බුන් මන්නාරමට උතුරින් පිහිටි ඉරණතිව් දූපත ආසන්නයේ දී සොයා ගැනිනි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles