ඉතාලියේ නාපෝලි නුවර දරුණුම කමෝරා මාපියා කල්ලිය හා සබඳතා පැවැත්වූ බව කියන ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේ කැරිබනේරි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.මයිකල් බණ්ඩාර වටිගම්මන (29)නම් මෙම ලාංකිකයා හෙරොයින් කුඩු කිලෝ දෙකක් සමග අත්අඩංගුවට ගත් බවත් සිරින්ජර් කටු 20000ක් ඔහු ළඟ තුබූ බවත් ඉතාලි පොලිසිය පවසයි.ඔහු යන එන තැන් මාස ගණනක් පුරා ඔත්තු බැලූ පොලිසිය අන්තිමේදී අත්අඩංගුවට ගත් බව ද කියයි.
ඔහු හෙරොයින් හා කොකේන් හෙරොයින් කුඩු විකුණමින් සිටිය දී අත්අඩංගුවටග ගත් බව හෙරොයින් 1600 හා කොකෙන් පැකට් 400ක් ඔහු පදිංචි තට්ටුනිවාසයේ තිබී සොයාගත් බවත් පොලිසිය කියයිග පොලිසිය හා හමුදාව එනු දැක ඔහු පැන දුවන්නට උත්සහාගත් නමුත් ටික දුරක් ලුහුබැඳ ගොස් අල්ලා ගැනීමට හැකි වූ බව ද පොලිසිය කියයි.
