ලිංගික වහලූන් තබා ගැනීමට ජපාන හමුදාවට අවසර​

0
173

1930 දී ජපාන පාලනය යටතේ තිබු ප‍්‍රදේශයන් හී දහස් ගණනක් චීන හා කොරියානු කාන්තාවන් ලිංගික වහලූන් ලෙස යොදාගෙන සිට ඇත. ආදරයේදී හා යුද්ධයේදී  ඕනෑම දෙයක් සාධාරණ බව ඔසාකා හී නගරාධිපති සහ නිපොන් ඉෂින් නෝ කායි පක්ෂයේ එක් නිර්මාතෘ වරයෙකු වන ටොරු හෂිමොටෝ පවසා සිටී.

රටවල් බොහෝ සංඛ්‍යාවකින් එකතු කර ගත් කාන්තාවන් මෙම ප‍්‍රදේශයේ වහලූන් ලෙස සිරගත කරගෙන සිට ඇත. බහුලව සිට ඇත්තේ චීන සහ කොරියානු කාන්තාවන්ය.

ඉන්දුනීසියාව, පිලිපීනය හා  තායිවානය වැනි රට වල කාන්තාවන්ද  ඇතුඵව 200,000 කට නොඅඩු සංඛ්‍යාවක් සිටින්නට ඇති බවට ගණන් බලා ඇත.

සුළගයි වැස්සයි මෙන් වෙඩි උණ්ඩ පාවෙද්දීල සොල්දාදුවන් කොයි මොහොතේ මියයයි දැයි සැකෙන් ගමන් කරද්දීල ඔවුන්ට ඇතිවන පීඩනය නැතිකර ගැනීම සදහා සහ වෙහෙස නිවා ගැනීම සදහා මෙවැනි කාන්තා ලිංගික වහලූන් කළාපයක් තිබිමේ අවශ්‍යතාවට  ඕනෑම අයෙකු වැටහිය යුතු බවත් හමුදාවක විනයක් පවත්වා ගෙන යාම සදහා අනිවාර්්‍යයෙන් ගණිකා නිවාස පවත්වාගෙන යා යුතු බවත් හෂිමොටෝ පවසා සිටී.