16.3 C
London
Thursday, June 19, 2025
spot_img

ලිප්ස්ටික් කියලා සුපර්ග්ලූ තොලේ ගාලා…

තොල් ආලේපන යැයි වැරදී සුපර්ග්ලූ දෙතොලේ ආලේපනය කරගත් කාන්තාවක් ගැන නවසීලන්තයේ ඩියුන්ඩින් වලින් වාර්තා වෙනවා.

සුපර්ග්ලූ ආලේපනය නිසාවෙන් ඇයගේ දෙතොල් එකිනෙක තරයේ ඇලවී තිබෙනවා. කරන්නට දෙයක් නොමැති තැන පොලිස් හදිසි අනතුරු අංශය අමතා ඇතත් ඇයට ඇලවී ගිය තොල් නිසා තමාට සිදුව ඇති අකරතැබ්බය පවා විස්තර කර ගැනීමේ හැකියාවක් තිබී නොමැත.

එහෙත් ඇමතුම ලබා ගත් පොලිස් නිළධාරියා විමසිලිමත් කෙනෙකු වීම නිසාවෙන් ඇයගේ නිවස සොයා පොලිස් නිළධාරීන් පිටත් කර හැර තිබෙනවා.

එසේ පැමිණි පොලිස් නිළධාරීන් ඇයට සිදුව ඇති කරදරය වටහාගෙන ඇයව රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුනා. රෝහලේදී වෛද්‍ය වරුන් විසින් ඇයගේ දෙතොල් යථා තත්ත්වයට පත්කිරීමට සමත්ව තිබෙනවා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles