22.6 C
London
Wednesday, June 18, 2025
spot_img

ලේ නෑකම පවා කම්මුතු කළ තිරිසනුන් මල් කැකුළු කෙළෙසති

වයස අවුරුදු 08 ක පාසල් දැරියන් දෙදෙනෙක් අපයෝජනයට ලක් කළේ යැයි කියන චෝදනාවකට එම දැරියන් දෙදෙනාගේ පියා, මාමා, හා අවුරුදු 12 ක සොහොයුරා හැටන් පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් විසින්  (27) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. හැටන් නගරයේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක ද්‍රවිඩ අංශයේ හතරවන ශේණියේ ඉගෙනුම ලබන මෙම දැරියන් දෙදෙනා පාසල් කාලයේ දී පන්ති කාමරයෙන් පිටත හුදකලා ස්ථානයක දී සමලිංගික ක්‍රියාවක නිරත වෙමින් සිටින අවස්ථාවේ එම සිද්ධිය ගුරුවරියක් විසින් දැක විදුහල්පතිනියට දන්වා ඇත. අනතුරුව විදුහල්පතිනිය සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසියේ ළමා හා කාන්තා කාරර්‍යංශයට පැමිණිලි කිරීමෙන් පසුව මෙම දැරියන් දෙදෙනා පොලිසියට කැඳවා ප්‍රශ්ණ කිරීමේ දී තමන්ට සමලිංගික සේවනය පිළිබඳව තම සොහොයුරා, පියා හා මාමා විසින් ඉගැන් වූ බවත් ඊට අමතරව වසරකට ආසන්න කාලයක් මෙම තිදෙනා වරින් වර තමන්ව ලිංගික අපයෝජනයට ලක් කළ බවත් පවසා ඇත දැරියන් දෙදෙනාගේ ප්‍රකාශ මත සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන නාවලපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ බවත් වෛද්‍ය වාර්තාව ලැබීමෙන් අනතුරුව සැකකරුවන් හැටන් දිසා අධිකරණය හමුවට පමුණුවන බවත් හැටන් පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය. අපයෝජනයට ලක්වූයේ යැයි කියල දැරියන් දෙදෙනා හැටන් පොලිස් බල ප්‍රදේශයේ තේ වත්තක පදිංචි කරුවන් වන බවත්, මොවුන් දෙදෙනා දැනට නාවලපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති බවත් වැඩිදුර පරික්ෂණ පවත්වන හැටන් පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles