ලොකු අලි ලිං හාරාගෙන බොයි
September 28, 2012
3 Views
මේ දිනවල කලා වැව රක්ෂිතයේ ජීවත්වන අලි ඇතුන් 300ක් 400ක් පමණ උග්‍ර ජල හිගයකට මුහුණ දී සිටින අතර කලාවැවේ සිදුකෙරෙමින් පවතින රොන් මඩ ඉවත් කිරීම,රාත්‍රී කාලයේ සිදුවන වැලි ජාවාරම ආදිය සදහා භාවිතා කරන යාන්ත්‍රික මෙවලම්ද හේතුවෙන් මෙම අලින්ගේ ජීවන රටාවට බරපතළ බලපෑම් එල්ල කරන බව වාර්තා වේ. කලා වැවේ මඩ වතුර බීමට අකමැති අලි ඇතුන් දඹුලු ඔයෙහි වැලි නිදි සිය පාද වලින් හාරා ජලය බීමට හුරුවී සිටී.කෙසේ වෙතත් මෙයින්ද කුඩා අලි පැටවුන්ට ජලය බීමට නොහැක.

featured Latest slider 2012-09-28