19.1 C
London
Thursday, June 19, 2025
spot_img

ලොවම අඳුරේ හෙළන දැවැන්ත සූර්ය කුණාටුවක්

දැවැන්ත භූ චුම්භක කුණාටුවක් විසින් විදුලිබල සම්පේ‍්‍රෂණ පද්ධතීන් අක‍්‍රිය කරවමින් මාස ගණනාවක කාලයක් පුරා ලොවම අඳුරේ හෙළන විනාශයක් සිදුකළ හැකි අවදානමක් පවතින බව නවතම වාර්තාවකින් අනාවරණය කර තිබේ.

2015 වසරේදී සූර්ය චක‍්‍රය සම්පූර්ණවීම සමග උපරිම තත්වයකට පැමිණෙන සූර්ය කුණාටු ධාරා පෘථිවියේ භූ චුම්භක ක්ෂේත‍්‍ර වලට බලපානු ලැබීම මගින් සිදුවන මේ විනාශය නොවැළැක්විය හැකිවන බව වායුගෝලීය සහ පාරිසරික සමීක්ෂණ ආයතනය (AER) හා ලොයිඞ්ස් රක්ෂණ සමාගම එක්ව සකස් කළ වාර්තාව පවසයි.

සාමාන්‍යයෙන් වසර 150කට වරක් මෙවැනි සුපිරි සූර්ය කුණාටු හටගනු ලැබේ. අවසන් වරට එවැන්නක් වාර්තා වී ඇති අවස්ථාව වන්නේ 1859 වසරේ කැරිංටන් සිදුවීමයි. එහිදී හටගත් භූ චුම්භක කුණාටුවෙන් ලොව පුරා ටෙලිග‍්‍රාෆ් රැහැන් විනාශ වී ගොස් සමහරක් විදුලි පණිවුඩ සේවකයන් හට විදුලි සැර වැදීම් ද වාර්තා වී ඇති අතර දිස්වූ අතිශය ප‍්‍රබල අවුරෝරා ආලෝකයන් පුවත්පතක් කියවිය හැකි තරම් දීප්තිමත්වූ බවද කියවේ.

සමස්ත ලෝකයම විදුලි බලය මත දැඩිව යැපෙන වර්තමානය තුළ කැරිංටන් හා සමාන සිදුවීමක් විසින් සිදුකරනු ඇති විනාශය අතිමහත් බවද වාර්තාව සදහන් කරයි. ගුවන් යානා සංඥා පද්ධතීන් බිඳ වැටීම, සන්නිවේදන චන්ද්‍රිකා පද්ධතිය අකර්මන්‍ය වීම, විදුලි සම්පේ‍්‍රෂණ රැහැන් වෙත භූ චුම්භක ක්ෂේත‍්‍ර බලපෑමෙන් පේ‍්‍රරිත අධික ධාරාවන් විසින් විදුලි පරිණාමක පද්ධතීන් විනාශ වී යාම, රෝහල් වල දැඩි සත්කාර ඒකකයන් අඩපණ වීම එමගින් සිදුවිය හැකි අනතුරු අතරින් කිහිපයකි.

මෙය රක්ෂණ සමාගම් වලට දැරිය නොහැකි තත්වයක් වනු ඇති බව ලන්ඩනයේ ලොයිඞ්ස් රක්ෂණායතනයේ අදහසයි. එවැනි විනාශයකින් පසු ප‍්‍රතිසංස්කරණයන් සදහා මාස 5ක පමණ කාලයක් ගතවිය හැකි බව පවසන AER-ලොයිඞ්ස් වාර්තාව ඒ සඳහා යුරෝපය සහ ඇමරිකාව පමණක් වියදම් කළ යුතු වන මුදල ඩොලර් ටි‍්‍රලියන 2.6-0.6ත් අතර වනු ඇතැයි තක්සේරු කර තිබේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles