Wednesday , 22 January 2025

ලොවම මවිත කළ ලක්ෂිත සහ ලොවම සලිත කළ හිරුණි

First-ever Gold for Sri Lanka at Cannes Lions
Cannes Lions කියන්නේ වාර්ෂිකව තියන ලෝකේ ලොකුම සහ හොඳම Advertising & Marketing සම්මාන උළෙල සහ සැණකෙළිය. මේකෙ ජාත්‍යන්තර උළෙල තියෙන්නේ ප්‍රංශයේ කෑන්ස් නගරයේ. අතිශය තරගකාරී Cannes Lions සම්මාන උළෙලේදී සම්මානයක් ගන්න නම් සුපිරිම සුපිරි, සිරාම සිරා, ගින්දර වගේ හැකියාවක් තියෙන්නම ඕන. ශ්‍රී ලංකා ඉතිහාසයේ

පළමුවැනි පාරට අපේ රට වෙනුවෙන් Cannes Lions රන් සම්මානය අරගන්න යං ජෙනරේෂන් එකේ ඉන්න හිරුණිටයි ලක්ෂිතටයි ගිය මාසෙ පුළුවන් වුණා. මේ දෙන්නා රන් සම්මානය අරගත්තේ Young marketers අංශයෙන්. කැනඩාව, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, රුසියාව, ජපානය, නෝර්වේ වගේ සුපිරි රටවල් පරාද කරලා තමයි මේ දෙන්නා අපේ රට වෙනුවෙන් මේ සුවිශේෂ රන් සම්මානය අරගත්තේ. ලංකාව වගේ පුංචි රටක කොල්ලෙකුයි කෙල්ලෙකුයි රන් සම්මානය දින්නහම කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ දියුණු රටවල හිටපු කොල්ලො කෙල්ලො සලිත ලලිත මවිත වෙලා යන්න ඇති.

හිරුණි ශර්මිලා මෙන්ඩිස්

Etisalat – Assistant Manager – Media & advertising

පුංචිම කාලේ අවුරුදු 5ක් ඩුබායිවල හිටපු හිරුණි, ලංකාවට ඇවිල්ලා ජාත්‍යන්තර පාසලක ඉගෙනගත්තා. ඇය නර්තනයෙන් ජාත්‍යන්තර තරග පවා නියෝජනය කරලා ජයගත්ත හැඩකාර, දඟකාර, විසේකාර තරුණියක්. ලයිසියම් ජාත්‍යන්තර පාසලේ Dancing Teacher කෙනෙක් විදියටත් හිරුණි කාලයක් හිටියා. ඊට පස්සේ Phoenix Ogilvy වෙළෙඳ දැන්වීම් ආයතනයේ Client Servicing අංශයට හිරුණි සම්බන්ධ වුණා. CIM Complete කරපු හිරුණි marketing ගැන ඉතා හොඳ දැනුමක් තියෙන උපාධිධාරිනියක්. ඒ වගේම ඇය වෙළෙඳ දැන්වීම්වල පවා හිටපු තරුණියක්. ඒ විතරක් නෙවෙයි හිරුණි කියන්නේ බාධක අභියෝග මැද්දෙන් අරමුණුවලට යන්න ඕනකරන මානසික ශක්තිය තියෙන සිරා කෙල්ලෙක්. හිරුණිට තාම වයස අවුරුදු 26යි. තාමත් ඇය තනිකඩයි. ඒ නිසාද කොහෙද තමන්තේ ෆැෂන් ගැන හිරුණි ගොඩක් බරපතළ විදියට හිතනවා. හැම තරුණියක් වගේම හිරුණිත් තමන්ගේ ලස්සන රූපය ගැන ගොඩක් උනන්දුයි. අනාගතේදී තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න තමයි හිරුණි හිතාගෙන ඉන්නේ.

ලක්ෂිත වයාන් විජේසිංහ

etisalat – Product Manager – Enterprise Solution

මේ සිරා කොල්ලට වයස අවුරුදු 28යි. කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරපු ලක්ෂිත මොරටුව සරසවියේ ඉන්ජිනේරු පීඨයේ පළමු පෙළ සම්මාන සහිත දීප්තිමත් උපාධිධාරී තරුණයෙක්. ඒ වගේම ලක්ෂිත කියන්නේ ඔරු පැදීමේ ශූරයෙක්. මොහු CIMA පවා Complete කරපු දක්ෂයෙක්. Etisalat ආයතනයේ Engineering, Sales, Marketing කියන අංශ තුනේම වැඩකරපු ලක්ෂිතට සිරා අත්දැකීම් ලෝඩ් එකක් සහ දැනුමක් තියෙනවා. ප්‍රංශයේ කෑන්ස් උළෙලට ගිහිල්ලා දවස් ගාණක් තිස්සේ බත් කන්නේ නැතුව, වෙන වෙන දේවල් බඩට දාගන්නකොට තමයිලු ලක්ෂිතට තදින්ම තේරුණේ බත්වල තියෙන අසීමිත වටිනාකම. ලක්ෂිත කියන විදියට අධිෂ්ඨානය කියන දේ තමයි ලක්ෂිතට මේ තත්ත්වෙට එන්න පාර පෙන්නලා තියෙන්නේ. නිදහස් අධ්‍යාපනයේ ඉගෙනගත්ත එකෙක් විදියට රටට මොනවා හරි දෙයක් කරන්න ඕනේ කියන අධිෂ්ඨානය තිබුණා කියලා තමයි ලක්ෂිත මාත් එක්ක කිව්වේ. ලක්ෂිතට ඕනේ අනාගතේ CEO කෙනෙක් වෙන්න.

කෑන්ස් සම්මාන උළෙලේදී ලක්ෂිතටයි හිරුණිටයි කරන්න තිබුණ දේවල් සහ ඒ අත්දැකීම ගැන ඒ දෙන්නා මාත් එක්ක කතා බහ කළා…

ලක්ෂිත -අපිට කරන්න තිබුණේ කාන්තාවන්ව සවිබල ගැන් වන සමාජ සේවා ව්‍යාපෘතියකට මුදල් හොයන්න පුළුවන් විදියේ Product එකක් හදලා ඒකට Marketing Planද එකකුයි Creative brief එකකුයි හදලා ඉදිරිපත් කරන එක. අපි හදන Product එකෙන් එන ලාභයෙන් තමයි කාන්තාවන් සවිබල ගන්වන ව්‍යාපෘතියට සල්ලි හොයන්න පුළුවන් වෙන්නත් ඕනෙ. අමාරුම දේ තමයි පළමුවැනි දවස් දෙකක් තිස්සේ සැලසුම් කරපු දේ විනාඩි 5කින් ජූරි මණ්ඩලයට ඉදිරිපත් කරන එක.

හිරුණි – කාන්තාවකගේ දුක හොඳටම තේරෙන්නේ තවත් කාන්තාවකට. ඒ අනුව අපි හදපු නිර්මාණාත්මක තේමාව තමයි, එක කාන්තාවක් තවත් කාන්තාවක්ව සවිබල ගන්වනවා කියන එක. අපි Etisalat නාමය යටතේ කාන්තාවන්ව ඉලක්ක කරගෙන Product එකක් හැදුවා. එහෙම Product එකක් මීට කලින් Etisalat යටතේ තිබිලා නෑ.

ලක්ෂිත – අපි දෙන්නම කරන්නේ Marketting ඒත් අපේ අත්දැකීම් ගැන බැලුවොත් හිරුණිට තියෙන්නේ Advertising, Creative පසුබිමක්. මට තියෙන්නේ Product, Engineering & Finance පසුබිමක්. මෙතෙන්දි අපි දෙන්නගේ තියෙන මේ වෙනස් ක්‍ෂේත්‍රවල අත්දැකීම් අපේ මේ වැඩේට නියමෙට ගැළපුණා. අනෙක් දේ තමයි අපි නියෝජනය කරන ආයතනය පාවිච්චි කරලා තමයි අපි Product එකක් හදන්න ඕනේ. මීට කලින් තිබුණේ නැති අලුත්ම Product එකක් වෙන්නත් ඕනෙ. කෑන්ස් සම්මාන උළෙලේ ජූරියේ හිටපු අය කියපු විදියට අපිට දිනන්න හේතු 3ක් තිබුණා. අපි ඉදිරිපත් කරපු දේ ප්‍රායෝගික සහ ව්‍යාපාරික අරමුණුවලට යන්න පුළුවන් දෙයක් වීම. අපේ Creative Idea එකේ තිබුණ හොඳකම සහ අපිට අපේ Creative Idea එක ගැන තිබුණ විශ්වාසය තමයි ඒ තුන.

Job එකට අමතරව කරන දේවල් …. විනෝදාංශ……

හිරුණි- මම යෝගා කරනවා. Moves බලනවා, Trip යනවා. මම dance කරන්න ගොඩක් කැමැතියි. ඒ නිසාම මම Partiesඵවලට යනවා.

ලක්ෂිත – මට ඉතින් යාළුවොයි පවුලයි තමයි.. ඊට අමතරව කැමරාව එක්කත් යාළුයි.

හිරුණිවයි ලක්ෂිතවයි කතාවට සෙට් කරගත්තේ-

ලක්මිණ රණසිංහ
mawbima.lk

044

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...