13.5 C
London
Friday, April 25, 2025
spot_img

ලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේ

ලෝකයේ ඉහළම යකඩ තාක්‍ෂණය ලංකාවේ අලකොළවැවෙන් හමු වූ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා පවසයි.

දඹුල්ල බිතු සිතුවම් කෞතුකාගායේ පැවති සාකච්චාවක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කලේය.

ලොව මෙතෙක් හොඳම යකඩ නිෂ්පාදකයා ලෙස නම් දරා සිටියේ ස්වීඩන් ජාතිකයන් බව පැවසූ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ස්වීඩන්වරුන්ගේ යකඩ උඳුන් නළ හයකින් ක‍්‍රියාක්මක කලද අලකොළවැන්නෙන් හමුවී ඇති උඳුන් නළ අටකින් ක‍්‍රියාකර ඇති බවද කීවේය.

සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන් අලකොළවැව, පොතාන, අලිගල වැනි ස්ථානද නැරඹීමට යොමු කල යුතු බවද පැවසූ ඔහු ඒ සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව එකම න්‍යාය පත‍්‍රයක් යටතේ වැඩ කල යුතු බවද කීවේය.

 

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles