13.8 C
London
Tuesday, April 29, 2025
spot_img

ලොව පළමු වතාවට කෘතීම ඇසකින් පෙනීම දෙයි

ලොව ප්‍රථම වතාවට දෘශ්‍යඅබාධිත කාන්තාවක් සඳහා කෘතීම ඇසකින් පෙනීම ලබා දීමට ඕස්ටේ‍්‍රලියානු විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇති බව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් විසින් සාර්ථකව සිදු කරන ලද මෙම කෘති‍්‍රම අක්ෂි බද්ධය ලොව පුරා ප්‍රකට කිරිමටද ඔවුන් කැමත්තෙන් සිටින බවත් ප්‍රකාශ කර ඇත.

දෘෂ්ටි විතානය ආශ‍්‍රිතව අසාධ්‍ය රෝගී තත්වයකට ගොදුරුව සිටි ඩැනී නමි කාන්තාවකට වික්ටෝරියා ශ‍්‍රවණ හා අක්ෂි හා සම්බන්ධ රෝහලකදී මෙම සැත්කම සිදු කර ඇත.

සැත්කමින් මසකට පමණ පසු ඇයට පෙනීම ක්‍රමක්‍රමයෙන් ලැබුනු බව ඇය ප්‍රකාශ කර ඇත. මෙම කෘති‍්‍රම අක්ෂිය සඳහා ඉලෙක්ට්‍රෝඩ 24ක සමිබන්ධ කර ඇති අතර බාහිර පරිසර සංඥාවට අනුව එම ඉලෙක්ට්‍රෝඩ උද්දීපනය වන අතර ඉන්පසු එම ආෙවිගය මොලය වෙත සන්නිවේදනය විය හැකි පරිදි මෙම පද්ධතිය සකස් කර ඇත.

මෙය දැනට පරීක්ෂණ මටිටෙමි පවතින අතර එය විශේෂ හැඩ හා සංඥ 24 ක් සඳහා පමණක් ප‍්‍රතිචාර දක්වන බැවින් මෙහි ඊලඟ පියවර ලෙස කෘති‍්‍රම ඇසේ අභ්‍යන්තරයට කැමරාවක් සවි කිරිම මඟින් බාහිර පරිසරයේ ස්වභාවික හමුවන සියළුම හැඩයන් හඳුනාගත හැකිවන පරිදි මෙම අක්ෂිය දියුණු කිරිමට ඔවුන් බලාපොරොත්තු වන බවත් තව දුරටත් සඳහන් වේ.

News-www.rt.com

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles