ලොව ප්‍රකඨ සීගිරිය නිර්මාණය කලේ පිටසක්වල ජීවීන්ද​?

“සීගිරිය රාජධානිය” නිර්මාණය කිරීමට පිටසක්වල සහය ලැබුණු බව Ancient Aliens වාර්තාමය වැඩසටහන් මාලාවේ Season 05 Episode 12 හි ඔවුන් සඳහන් කර ඇත. සීගිරි අප්සරාවන් වළාකුලු මත සිටීම ඔවුන් ගලපන්නේ එම ලඳුන් අහසින් පැමිණි පිටසක්වලට අයත් පිරිසක් බවය. පසුගිය අප්‍රේල් 19වනදා The History නාලිකාව මඟින් විකාශය වූ එහි සීගිරිය සම්බන්ධ  වැඩසටහනේ ද මෙම කරුණ සනාථ කරයි.තාරකා පිහිටීම අනුව ඊජිප්තුවේ පිරමීඩ නිර්මාණය කර ඇති අයුරින්ම “සීගිරිය” ගොඩ නඟා ඇත්තේද තාරකා රටා අනුව බව බර්කිංහැම් තාරකා ජීව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා මීට මාස කිහිපයකට පෙර ප්‍රකාශ කර තිබුණා. ඔරායන් තරු රටාවේ බඳ පටියේ පිහිටා ඇති තාරකා ත්‍රිත්වයේ පිහිටීමට ගීසා පිරමීඩ හරියටම සමපාත වන බවයි පැවසෙන්නේ.මේ ආකාරයටම සීගිරිය ගොඩ නඟා ඇත්තේද තාරකා පිහිටීම අනුව බවට මතයක් ඉදිරිපත්වී තිබෙනවා.

අරලගන්විල ප්‍රදේශයට පතිත වූ උල්කාපාත කොටස පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා පැමිණි මහාචාර්යවරයා ඇතුළු නාසා විද්‍යාඥ කණ්‌ඩායම පසුගිය  දා  සීගිරිය පර්වතය මුදුනේ පිහිටි කුට්‌ටම් පොකුණේ ජල නියෑදි පරීක්‍ෂණ කටයුතු සඳහා ලබා ගැනීමට පැමිණි අවස්‌ථාවේ දී මහාචාර්යවරයා ඔහු ඒ බව පවසා ඇත.

තමන් මීට පෙර අවස්‌ථා කීපයකදීම සීගිරියට පැමිණ ඇති බවත් ඊජිප්තුවේ පිරමීඩවල මෙන්ම ශ්‍රී ලංකාවේ සීගිරියද තාරකා විද්‍යාව පිළිබඳ දැනුම භාවිත කරමින් නිර්මාණය කර ඇති බවත් එහි උත්තරධ්‍රැවයේ හා දක්‍ෂිණධ්‍රැවයේ පිහිටීම් අනුගමනය කරමින් නිර්මාණය කර ඇත්තේ තාරකාවත් දෙස බැලීමකින් බව ඔප්පු වන බවත් ඔහු පවසයි.

තවද පොළොන්නරුවේ තිවංක පිළිමගෙයි ඇති බිතුසිතුවම් අතර ගගනගාමී ඇඳුමක් ඇඳ සිටින පිටසක්වල ජීවියෙකුගේ රූපයක් තිබෙන බව සනාථ වෙ.

මේ අතර රාත්‍රී කාලයේ තිවංක පිළිමෙගෙයට ඉහලින් අහසේ අමුතු වස්තුවක් පැමිනෙන බවත් එහි ආලෝකය තිවංක පිළිමගෙයට වැටෙන බවත් සඳහන්‍.ය.

 

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...