ලොව ප්‍රීතිමත්ම මිනිසා බෞද්‍ධ භික්ෂුන්වහන්සේ නමකි

උන්වහන්සේගේ මුවග නැගෙන ශාන්ත සිනහවත්, හිමාල කදුවැටිය සිප එන නැවුම් සුළගින් රැළි නැගෙන ගුරු වර්ණයෙන් යුතු සිවුරත් ලෝකයේ සතුටින්ම සිටින පුද්ගලයා සොයාගැනීම සදහා මෙතෙක් සිදුකල පර්යේෂණ අභිභවා ප්‍රංශ ජාතික මැතිව් රිචඩ් භික්ෂුව තෝරා ගැනීමට විද්‍යාඥයන්ට එතරම් අපහසු වන්නට නැත.භාවනාව තුළ මිනිස් මොළය වෙනසකට භාජනය වන බවත්, එය බර ඉසිලීමෙන් මස්පිඩු වර්ධනය වන්නාක් මෙන්, මිනිසාගේ සතුට වැඩි කරන බවත් උන්වහන්සේ පෙන්වා දෙති. “මෙය පර්යේෂණය කිරීමට අතිශය සුන්දර අවස්ථාවක්, භවනාව කියන්නේ, අඹ ගසක් යට සිටීමෙන් ලැබෙන ප්‍රීති ප්‍රමෝදය ඉක්මවා ගිය දෙයක් බව ඉන් අපට ප්‍රත්‍යක්ෂ වෙනවා. එය සම්පූර්ණයෙන්ම පාහේ අපේ මොළය වෙනස් කරනවා. ඒ නිසා එය ඔබවත් වෙනස් කරනවා” යැයි මැතිව් රිචඩ් භික්ෂූන් වහන්සේ ප්‍රන්ශ පුවත් සේවයට පවසා සිටියහ.

ප්‍රංශයේ විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාඥයෙකු වූ රිචාඩ් ඩේවිඩ්සන් මහතා මීට වසර හතරකට පෙර මැතිව් භික්ෂුවගේ හිසෙහි සංවේදකයන් 256ක් සවිකිරීමෙන් පසු උන්වහන්සේට භාවන කිරීමට සලස්වා මේ පරීක්ෂණය සිදුකර තිබුණු අතර, මැතිව් හිමියන්ට අමතරව තවත් ඉහළ තලයේ භාවනානුයෝගීන් සිය ගණනක් ඩේවිඩ්සන් මහතාගේ මෙම පරීක්ෂණයට මුහුණ දී තිබිණි.

ස්කෑන් පර්යේෂණය අතර උන්වහන්සේ ක්‍රමයෙන් භාවනාවට සමවදින විට සවිංඥානකත්වයට, අවධානයට, ඉගෙනීමට සහ ස්මරණ ශක්තියට තුඩුදෙන ගැමා තරංග මට්මටක් මැතිව් හිමිගේ මොළය නිපදවූ ඩේවිඩ්සන් මහතා පැවසීය. එසේම එම ගැමා මට්ටම ස්නායු විද්‍යා පොතපතෙහි මෙතෙක් ඔවුන්ට වාර්තා වූ මට්ටම් අසාමාන්‍ය ලෙස ඉක්මවා ගිය ඉහළ අවස්ථාවක් බව ද ඩේවිඩ්සන් මහතා පැවසීය.

පර්යේෂකයන් විශ්වාස කළ පරිදි, උන්වහන්සේගේ මොළයෙහි ඉදිරි වම් බාහිකය එම දකුණු බාහිකයට සාපේක්ෂව උපරිම ක්‍රියාකාරීත්වයක් පෙන්වන්නට වූයේ සතුට සදහාත්, සෘණ සිතිවිලි කෙරෙහි ඇති රුචිය වැළැක්වීම සදහාත් අසාමාන්‍ය ඉඩක් එම මොළයෙහි පැවතිණි.

උන්වහන්සේ මීට පෙරද භාවනාව ඇසුරෙන් ලොවපුරා විද්‍යාඥයන් සිදුකර බොහෝ පර්යේෂණවලට මුහුණ දී තිබිණි. ‘කෙටි කාලීන හා දීර්ඝ කාලීන භාවනාව හරහා මනස පුහුණු කිරීමෙන් මානසික ඒකාග්‍රතාව, කරුණාව සහ චිත්තවේග පාලනය හා තුලනය සදහා ඇතිවන බලපෑම වසර 12ක් පුරා අප සොයා බැලුවා’යැයි  ඔහු පැවසීය.

Check Also

Vesak Day at London Buddhist Vihara – 3rd May 2015

London Buddhist Vihara celebrated this year’s Buddha Day ( Vesak ) with a full day ...

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා

සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, ...